27 April 2024
#දේශීය

බැඩ්මිටන් ක්‍රිඩාව සදහා මාතලේ ක්‍රිඩාගාරය පාසල් ළමුන්ට නොමිලයේ

මාතලේ ප්‍රදේශයේ පාසල් දරුවන්ගේ බැඩ්මින්ටන් ක්‍රීඩා කුසලතාව වර්ධනය කරවීම පිණිස මාතලේ මහ නගර සභාව විසින් සිදු කරනු ලබන විශේෂ ව්‍යාපෘතියක් වශයෙන් නගරය ආශ්‍රිත පාසැල් වල දරුවන් සඳහා නොමිලේ ගෘහස්ථ ක්‍රීඩාංගණය භාවිතා කිරීමට අවසර ලබා දී ඇති බව මාතලේ නාගරික කොමසාරිස් යුරේෂ් නිශාන්ත මාදුවගේ මහතා පවසයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් නාගරික කොමසාරිස්වරයා ප්‍රකාශ කරන්නේ මෙම වැඩසටහන පිළිබඳව දැනටමත් පළාත් අධ්‍යාපන ලේකම් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ වෙත දැනුම් දීම් සිදුකර ඇති බවත් පාසල් වේලාව තුළ අවශ්‍යතාවය පරිදි අදාළ විදුහලේ විදුහල්පතිගේ සහතිකයක් සමග පැමිණීමෙන් අදාල දරුවන්ට මෙම අවස්ථාව ලබාගත හැකි බවයි. ගෘහස්ථ ක්‍රීඩාංගනය විවෘතව තැබීමේ දී විදුලිය සහ නඩත්තු කටයුතු වෙනුවෙන් මාතලේ මහ නගර සභාවට සැලකිය යුතු වියදමක් දැරීමට සිදුවන නමුත් දරුවන්ට නොමිලේ ලබාදෙන මෙම අවස්ථාව අනාගත ආයෝජනයක් ලෙස සලකා මාතලේ මහ නගර සභාව කටයුතු කරන බව නාගරික කොමසාරිස් පවසයි .

මෙම ව්‍යාපෘතිය මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ ගමගේ මහතාගේ සංකල්පයක් හා මඟ පෙන්වීම මත ක්‍රියාත්මක වන බවද කොමසාරිස්වරයා පැවසීය.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *