• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

තම අමාත්‍යංශයේ සෑම ආයතනයක්ම විගණනයකට ලක් කරනවා – ඇමැති ප්‍රසන්න

5 September 2022
in දේශීය

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය යටතේ ඇති සියලුම ආයතන පූර්ණ විගණනයකට ලක් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා ඊයේ (4) දින බත්තරමුල්ල, සෙත්සිරිපායේ පළමු අදියරේ පිහිටි නාගරික සංවර්ධන අධිකාරියේදී අමාත්‍යංශ ලේකම්වරයාට උපදෙස් දුන්නේය.

අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ඉකුත් රජය සමයේ තම අමාත්‍යංශය යටතේ ඇති ආයතන 21හිම සිදුවූ බව කියන අක්‍රමිකතා පිළිබඳව තමන්ට දැනටමත් පැමිණිලි ලැබී ඇති බවයි. හිටපු ඇතැම් ඇමතිවරුන්ගේ කුණු කන්දල්වලට කර ගැසිය නොහැකි බැවින් තමන් මෙම තීරණය ගත් බව හෙතෙම පැවසිය.

එහිදී අමාත්‍යවරයා මෙසේද අදහස් පල කලේය ” ආයතනයක් ආරක්ෂා වුවහොත් එහි සේවකයන් ආරක්ෂා වෙනවා. ඒ නිසා තමන්ගෙ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී ඉන්නවා වගේම තමන් වැඩකරන ආයතනය ආරක්ෂා කරගන්නත් අපි දැනගන්න ඕන. පහුගිය රජය කාලේ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් රුපියල් මිලියන 137 ක පෝස්ටර් මුද්‍රණය කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් විභාග වෙනවා. ඒක නාස්තියක්. නඩු භාණ්ඩ නිසා අපිට පෝස්ටර් විනාශ කරන්නත් බෑ. ඒ පෝස්ටර් ටික නිකම්ම දිරාපත්වෙනවා. අපි මේ ආයතන පූර්ණ විගණනයට ලක්කරන්නෙ ඒ වගේ වංචා,දූෂණ හා අක්‍රමිකතා සම්බන්ධයෙන් පරීක්ෂණ කරන්නයි. මම ආයතන විනාශ කරන්නෙවත්, සේවකයන්ගේ සුබසිද්ධියට හානිවෙන දේවල් කරන්නෙවත් නැහැ. නමුත් මට අනුන්ගේ පව්වලට කර ගහන්න බැහැ. රටේ මූල්‍ය තත්ත්වය සම්බන්ධයෙන් මම අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. පාඩුපිට දුවන බොහෝ රාජ්‍ය ආයතන මේ වනවිට වැසී යන මට්ටමට පත්වෙලා. බොහෝ පිරිසකගේ රැකියා අහිමිවන තත්ත්වයට පත්වෙලා. එවැනි තත්ත්වයක් යටතේ වෘත්තීය සමිති තමන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ග දැඩි කළොත් ඇතිවන පාඩුව පියවන්නේ කවුද?. මම වෘත්තිය සමිති සමඟ සුහදව වැඩකරනවා. ඒ වෙනුවෙන පෙනී සිටිනවා. නමුත් නීතියට පිටින් වැඩකරන්න මම සූදානම් නැහැ. එහෙම වැඩ කරන අයගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින්නෙත් නැහැ. ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව ලාබ ලබන ආයතනයක්. නමුත් වැරදි විධියට වැඩ කළොත් මේ ආයතනයත් විනාශවේවි. කාන්තාවකගේ ප්‍රශ්නයක් වෙනුවෙන් ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ සේවකයන් දින 24 ක වැඩ වර්ජනයක නිරත වුණා. ඒ අය වැඩ වර්ජනයට සම්බන්ධවෙලා තියෙන්නේ රාජකාරියට වාර්තාකරලයි. ඒක අන්තිම වැරදි වැඩක්. ඒ කාන්තාවගේ ප්‍රශ්නය සම්බන්ධයෙන් අමාත්‍යංශ ලේකම්වරයකුගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණයක් පැවැත්තුවා. ඒකට අභියෝග කරන්න කාටවත් බැහැ. ආයතනවල මතුව ඇති ප්‍රශ්න අපි සාකච්ඡා කරල විසඳාගමු. වැඩ වර්ජන වලට යන්න කලින් වෘත්තීය සමිති සාකච්ඡා කරල ප්‍රශ්න විසඳාගන්න කටයුතු කළොත් ඒක අපි හැමෝටම පහසුයි. නායකයෙක් නැති ආරගලවලට පැවැත්මක් නැහැ. ගෝල්ෆේස් අරගලයේ සැබෑ ස්වරූපය දැන් එළිවෙනවා. ආයතනයක වෘත්තීය සමිති ඒ මට්ටමට වැටිය යුතු නැහැ. වෘත්තීය සමිතියක් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගන්න ඕන විධිමත් ක්‍රමවේදයක් අනුවයි.එහෙම නැතිවුනොත් පාඩුවෙන්නේ තමන් වැඩ කරන ආයතනයටමයි. මම ආවේ මේ ආයතන ගොඩගන්නයි. මේ හැම ආයතනයකටම මම පත්කළේ වැඩ දන්න ඉහළම සුදුසුකම් තියෙන සභාපතිවරුයි. ඒ අයට ඔබගේ සහයෝගය ලබාදෙන්න. තර්ජනය කරල බිත්තර ගහල අපිව බය කරන්න බැහැ. දේශපාලනය කරද්දි අරගලකරුවන්ට අවශ්‍ය විදියට වෙනස්වීමට තමන් සූදානම් නැතැයිද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් රත්නායක, ගොඩනැඟලි ද්‍රව්‍ය සංස්ථාවේ සභාපති මලිත් පෙරේරා මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

Post Views: 7
Previous Post

ශ්‍රී ලංකා නාවික හමුදා එක්වූ පී 627 ගැඹුරු මුහුදු ආවේක්ෂණ නෞකාව ඇමරිකාවේ සියැටෙල් සිට කොළඹ බලා පිටත් වෙයි

Next Post

යටවත්ත මාතලාපිටිය විද්‍යාලයට ජයග්‍රහණ රැසක්  

editor

editor

Next Post

යටවත්ත මාතලාපිටිය විද්‍යාලයට ජයග්‍රහණ රැසක්  

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved