• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

උතුරු මැද පළාත් මහ ඇළ ව්‍යාපෘතියේ දකුණු උමං ද්වාරයේ කැණීම් කටයුතු ආරම්භ කෙරේ

24 November 2023
in සංවර්ධන

දකුණු ආසියාවේ දිගම උමග ලෙස හැඳින්වෙන, උතුරු මැද පළාත් මහ ඇළෙහි දකුණු උමං ද්වාරයේ කැණීම් දෙවන උමං කැණීම් යන්ත්‍රය (TBM -2) මගින් සිදුකිරීමේ සමාරම්භය අද (23) සිදු කෙරිණ.

ඒ, පොළොන්නරුව පළාතේ මින්නේරිය කොට්ඨාශයේ ප්‍රධාන සංඝ නායක ධුරන්දර, අත්තනකඩවල බුද්ධගයා මහා විහාරාධිපති, අතිපූජ්‍ය කළත්තෑවේ පඤ්ඤානන්ද නාහිමි ප්‍රධාන වැඩමවා වදාල ගරුතර මහා සංඝරත්නයේ පිරිත් සජ්ජායනා මධ්‍යයේ ඇලහැර, කෝඳුරුවාව වැඩබිම් පරිශ්‍රයේ දී වාරිමාර්ග, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.

මෙම උමග වාරිමාර්ග අමාත්‍යාංශයේ” මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන” මගින් හා ආසියානු බැංකු ණය ආධාර යටතේ ක්‍රියාත්මකයි.

මෙහි උතුරු ද්වාරයේ උමඟේ කැණීම් කටයුතු 2021 වසරේ අනුරාධපුර, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මහමීගස්වැව ගම්මානය ආශ්‍රිතව ආරම්භ කර ඇත. ඒ අනුව පළමු උමං කැණිම් යන්ත්‍ර (TBM – 1) මගින් කිලෝමීටර් 4ක පමණ දුරක් කැණීම් කර අවසන් අතර, මේ වනවිට අඛණ්ඩව කැණීම් කටයුතු සිදුකරමින් පවතී.

මෙම උමග මාතලේ දිස්තික්කයේ ඇළහැර, මොරගහකන්ද ජලාශයෙන් ආරම්භවී පොළොන්නරුව දිස්ත්‍රීක්කයේ ඇළහැර – ගිරිතලේ අභය භූමිය, මින්නේරිය – ගිරිතලේ රක්ෂිතය හා හුරුළු වන රක්ෂිතය හරහා අනුරාධපුර දිස්ත්‍රීක්කයේ මහකනදරාව වැව දක්වා ජලය ගෙනයාම සඳහා ඉදිකෙරෙන පෝෂිත ඇළ මාර්ගය ක් වන අතර, ව්‍යාපෘතිය මගින් ඉදිකෙරෙන සම්පූර්ණ ඇළෙහි දිග කි.මී.93 කි.

මෙමගින් හුරුළුවැව, මානන්කට්ටිය වැව, ඒරු වැව හා මහකනදරාව, නාච්චදූව, තිසා වැව, නුවර වැව යන වැව් වලට අඛණ්ඩව වාරි ජල සැපයිමක් ලබා දී, එම වැව් නිසි ලෙස පෝෂණය කිරීම හා මහවැලි පද්ධතිය තුළ දැනට ජල හිඟයෙන් පීඩා විඳින ගොඩබිම් යල සහ මහ දෙකන්නයේම වගා කිරීමටත්, ප්‍රතිලාභී ගොවි ජනතාව ද ඇතුළුව පවුල් 25,000කට පමණ පානීය සහ වාරි ජල පහසුකම් ලබාදීමටත් අපේක්ෂා කෙරේ.

මෙහි ප්‍රධාන කොන්ත්‍රාත් සමාගම ලෙස “China Estate Construction ” සමාගම කටයුතු කරනු ලබන අතර, සම්පූර්ණ උමගේ කැණීම් කටයුතු 2026 වර්ෂයේ දී අවසන් කිරීමට බලාපොරොත්තු වේ. මෙම ව්‍යාපෘතිය සඳහා වැයකරන සම්පූර්ණ මුදල රු.මි. 65,000 කි.

මේ අවස්ථාව සඳහා වරිමාර්ග රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මැතිතුමා , වාරිමාර්ග අමාත්‍යාංශ ලේකම් යූ.ඩී.සී. ජයලාල් මහතා, ඇළහැර ප්‍රාදේශීය ලේකම් සී. එම්. කරුණාරත්න මහත්මිය ප්‍රධාන රාජ්‍ය නිලධාරී මහත්ම මහත්මීන්, ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් ඉංජි. සුනිල් පෙරේරා මහතා, මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහනේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ඉංජි. නිහාල් රූපසිංහ මහතා, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය , නේවාසික ව්‍යාපාර කළමනාකාර (මොරගහකන්ද) ආර්.එම්.කේ.බී. රන්දෙණිය මහතා, නේ.ව්‍යා. කළමනාකාර (හුරුළුවැව) උභය කල්‍යාන කුමාර මහතා ඇතුළු මහවැලි හා ව්‍යාපෘති කාර්යාල නිලධාරී මහත්ම මහත්මීන්, “China Estate Construction” ආයතනයේ නිලධාරීන්, ප්‍රාදේශීය මහජන නියෝජිත මහත්ම මහත්මීන් ඇතුළු ප්‍රදේශවාසී ජනතාව විශාල වශයෙන් සහභාගී වූහ.

Post Views: 30
Previous Post

අප සමඟ එක්වන්න අයට බාධා කරන්න එපා – පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක

Next Post

මහ බැංකුව ණය පොලී අනුපාතය 10% දක්වා පහතට – මුදල් රාජ්‍ය ඇමැති සියඹලාපිටිය

editor

editor

Next Post

මහ බැංකුව ණය පොලී අනුපාතය 10% දක්වා පහතට - මුදල් රාජ්‍ය ඇමැති සියඹලාපිටිය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved