27 April 2024
#දේශීය

මහ බැංකුව ණය පොලී අනුපාතය 10% දක්වා පහතට – මුදල් රාජ්‍ය ඇමැති සියඹලාපිටිය

ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාත සිවු වැනි වරටත් පහත හෙළිම මෙරට ධන ආර්ථිකයක් කරා යාමේ මග විවර කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මහ බැංකුව තැන්පතු පොලී අනුපාතය 9% දක්වා සහ ණය පොලී අනුපාතය 10% දක්වා පහත දමා ඇති බවයි.

එමෙන්ම ශ්‍රී ලංකාව බරපතල ආර්ථික අගාධයක ගිලෙමින් උද්ධමනය වේගය අතින් ලොව පස් වැනි ස්ථානයට පත් වෙද්දී මිල දී ගැනීම් අධෛර්මත් කිරීමේ පියවරක් ලෙස මහ බැංකුව පොලී අනුපාත ඉහළ දැමූ බව හෙතෙම පැවසිය.

6% තිබූ ණය පොලී අනුපාතය 16%දක්වා ද 5% තැන්පතු පොලී අනුපාතය ඒ අනුව 15% දක්වා ද ඉහළ දමා ඇති අතර අද වන විට එදා 70%ක මට්ටමේ තිබූ උද්ධමනය රජයේ මූල්‍ය ප්‍රතිපත්ති තීරණ මත 1.3% දක්වා පහළ බැස ඇති අතර එහි ප්‍රතිඵලය ලෙස මෙලෙස පොලී අනුපාත පහත හෙළා ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *