27 April 2024
#දේශීය

ගොවීන් සහ පාරිභෝගිකයන් සිදු වු පිඩාවට පාඩු පියවා ගන්න – විපක්ෂනායක සජිත්

වගාවන් සඳහා රසායනික පොහොර භාවිතය තහනම් කර කාබනික පොහොර පමණක් යෙදීමට රජය ගත් තීරණය තුළින් අස්වැන්න විනාශ වී ගොවි ජනතාව ඇතුලු සමස්ත ජනතාවම අසරණභාවයකට පත් වු බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඒ් මහතා අද (20) පාර්ලිමේන්තුවේදී 27/2 යටතේ විශේෂ ප්‍රශ්න රැසක් අසනු ලැබීය.

වගාවන් සඳහා රසායනික පොහොර භාවිතය තහනම් කර කාබනික පොහොර පමණක් යෙදීමට රජය ගත් තීරණය තුළින් අස්වැන්න විනාශ වී ගොවි ජනතාව ඇතුලු සමස්ත ජනතාවම අසරණභාවයකට පත් වීම පමණක් නොව, නිසි ප්‍රසම්පාදන ක්‍රමවේදයන්ගෙන් බැහැරව විවිධ පුද්ගලයින්ට වාසි ගෙන දෙන අන්දමින් තීරණ ගනිමින් කාබනික පොහොර සහ නැනෝ නයිට්‍රජන් පොහොර ආනයනයට කටයුතු කිරීම නිසා මෙරට මූල්‍ය ධනය කිසිදු ප්‍රයෝජනයක් අත් නොවූ කාර්යයන් සඳහා වැය කිරීමට සිදු වු බව විපක්ෂනායකවරයා අවධාරණය කලේය.

මේ නිසා මෙරටට සිදුවූ පාඩුව අති විශාලයි. නමුත්, මෙවැනි වැරදි තීරණයන්ගෙන් සමස්ත ජනතාව පීඩාවට පත් කළ පිරිස් වලට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමක් සිදුවන බවක් පෙනෙන්නට නැත. එමෙන්ම, මේ නිසා මෙරටට සිදු වූ පාඩු පියවා ගැනීමට අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීම ද රජය දිනෙන් දින කල්මරමින් සිටින බව ඔහු අනාවරණ කලේය.

තවද, මේ වනවිට ගොවීන්ට වී සඳහා සාධාරණ මිලක් නොලැබෙන බව වාර්තා වන අතර, වෙළඳපොළ තුළ පවතින ඉහළ සහල් මිලට සාපේක්ෂව වී වලට ලැබිය යුතු සාධාරණ මිල පිළිබඳ රජයේ විශේෂ අවධානය යොමු කළ යුතු බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *