• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සමථ මණ්ඩලවල නඩු විසදීමේ මුල්‍ය සීමාව ලක්ෂ 10 ක් බවට පත්කරනවා – ඇමති නිමල්

6 February 2020
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

සමථ මණ්ඩලවල නඩු විසදීමේ මුල්‍ය සීමාව ලක්ෂ 10 ක් බවට පත් කළ යුතු බව අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ඊයේ ශ්‍රී ලංකා නීතිඥ සංගම් ශ්‍රවණාගාරයේ ඊයේ (05) පැවැත්වුණු අඛණ්ඩව වසර දහයකට වඩා වැඩි කාලයක් දිවයින පුරා සමථ මණ්ඩලවල සේවය කළ සමථ මණ්ඩල සභිකයින් සදහා මුළු දිවයිනටම බලපාන පරිදි සාමදාන විනිශ්චයකාර පදවි ලබාදීමේ අවස්ථාවටදී එක්වෙමිනි.

මෙහිදි සමථ මණ්ඩල සභිකයින් 197 දෙනෙකු සදහා සාම විනිසුරු පත්වීම් ලබා දීම සිදු විය.

එහිදී තවදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා මෙසේ ද සදහන් කළේය.සමථ මණ්ඩල සභිකයින් ලෙස ඔබ කළ හා කරනු ලබන සේවය අගය කිරීම සදහා සාම විනිසුරු පදවි ලබා දෙනවා.අපි මින් අපේක්ෂා කරන්නේ ඔබ විසින් කළ සේවය අගය කිරීමයි.සමස්ථ සමථකරණ සේවාවම අපි ගරු සේවාවක් වශයෙන් සළකන බව කිව යුතුයි.සමථකරණ සංකල්පය අපේ රටට අලුත් දෙයක් නොවෙයි.අතීතයේ අපේ රටේ ජනතාවට තිබුණු ප්‍රශ්න විසදනු ලැබුවේ ගමේ සිටිය ප්‍රභූන් විසින් බව අපේ ඉතිහාසය අපිට පෙන්නලා දී තිබෙනවා.අපේ රටට ලන්දේසීන් පෘතුගීසින් ඉංග්‍රිසින් පැමිණිමෙන් පසුව ඔවුන්ගේ නීති පද්ධතිය අපේ රටේ නීතිය බවට පත් වුණා.අපේ රටේ ජනතාවට තෘප්තිමත්ව සෞඛ්‍ය අධ්‍යාපනය ලබා ගැනීමේ අවස්ථාව පවතිනවා සේම යුක්තිය ඉටු වීමේදීත් එය තෘප්තිමත්ව ලබා දිය යුතුයි.අධිකරණය ඉදිරියට යුක්තිය ඉටු කර ගැනීම සදහා ජනතාව පැමිණි අවස්ථාවලදී එය වසර 20 කින් 30 කින් ඉටු වී වැඩක් නැහැ.අපේ රටේ යුක්තිය පසිදලීමේදී ඇති වන ගැටළු රාශියක් තිබෙනවා.යුක්තිය පසිදලන ආයතන තුළින් කඩිනමින් වෙන්නේ නැහැ .ඒ සදහා විවිධ හේතු පවතිනවා රස පරීක්ෂක වාර්තා නැහැ.එහෙමත් නැතිනම් කුමන හෝ අවශ්‍ය වාර්තාවක් වෙලාවට ලැබෙන්නේ නැහැ. ඒ නිසාත් නඩු කල් යන බව ද අමාත්‍යවරයා පැවසීය.

අධිකරණ පද්ධතියේ තදබදය වැඩියි !

අපේ රටේ අධිකරණයේ තදබදය වැඩියි එහි ඇති නඩු ප්‍රමාණය අධිකයි. අපිට අධිකරණයට එන නඩු ප්‍රමාණය අඩි කිරීමට සමථ මණ්ඩල ක්‍රමය වැනි දේ අත්‍යවශ්‍යයි.අපේ සමථ මණ්ඩලවලට එන පැමිණිලි සංඛ්‍යාවෙන් සියයට 68 ක් විසදනවා.ඒ අතින් ඔබ විශිෂ්ඨ සේවයක් සිදු කරලා තිබෙනවා.සමථ මණ්ඩල තුළින් නීති තර්කයට මුවා වෙළා නඩු අහන එක සිදු වෙන්නේ නැහැ.සමථ මණ්ඩල තුළින් නඩුවක් විමසලා අවසන් වු පසු එහි තීන්දුව දෙන්න කල් ගන්නේ නැහැ.නමුත් ඇතැම් උසාවිවල නඩුව අවසන් කරලා වසර දෙකක් විතර යනවා තීන්දුව ලබා දෙන්න .නඩුවක් අවසන් වු පසු සාධාරණ කාලයක් තුළ තීන්දුව ලබා දිය යුතු බවත් තීන්දුව කඩිනම්න් ලබා ගැනීමට ජනතාවට අයිතියක් පවතින බවත් අධිකරණ අමාත්‍යවරයා සදහන් කළේය.

නඩු ප්‍රමාදය සදහා අපිට පැමිණිළි එනවා .ඒ නිසා මේ නඩු ප්‍රමාදය අවම කර ගන්න අපි අලුත් ක්‍රමවේද කරා යා යුතුයි.අපි ඒ සදහා ක්‍රියාමාර්ග රාශියක් ගෙන තිබෙනවා.අපි ඒ සදහා අවශ්‍ය ආයතනවලට ප්‍රමාණවත් පරිදි පහසුකම් ලබා දිය යුතුයි.ඒ වගේම යුක්තිය පසිදලීමේ කාර්ය යේදී අපි නවීණ තාක්ෂණය උපයෝගී කර ගත යුතුයි. අපේ රට ඩිටිටල්කරණයට යා යුතු බව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍ය යේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව සදහන් කරලා තිබෙනවා .ගතානුගතිකව නඩු විසදීම සිදු කර නියෝග දෙන ක්‍රමයෙන් බැහැරව ගිහිං අපි ඩිජිටල්කරණයට යුතු බවත් අද වන විට ලෝකයේ පවතින නවීණ තාක්ෂණය අපේ අධිකරණ පද්ධතියට ගෙන ආ යුතු බවත් ඒ සදහා වන අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව ඉදිරිපත් කර අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා බවත් අමාත්‍යවරයා කීය.

අපි මේ වන විට අධිකරණ පද්ධතියට පහසුකම් ලබා දීම සදහා නව අධිකරණ සංකීර්ණ ගොඩනැගිලි ඉදි කර ගෙන යනවා.ගාල්ල අධිකරණයේ ඉදි කිරීම් නතර කර තිබුණා .එහෙත් දැන් නැවත ඉදි කිරීම් ආරම්භ කර තිබෙනවා.තවත් අධිකරණ ගොඩනැගිලි සංකීර්ණ රාශියක් ඉදිරියේදී ජනතා අයිතියට පත් කරනවා. අපි අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කරමින් නීතියේ ආධිපත්‍යය සුරකිමින් පරිපාලන ව්‍යුහයේ මීට වඩා ප්‍රතිව්‍යුහගත කිරීමේ අවශ්‍යතාවයක් තිබෙනවා.

උතුරේ ඉඩම් ප්‍රශ්න විසඳනවා !

අපි උතුරේ ජනතාවගේ ඉඩම් පිළිබදව පවතින ගැටළු විසදීම සදහා ඉඩම් පිළිබදව වු විශේෂ සමථ මණ්ඩල ස්ථාපිත කර තිබෙනවා.එහෙත් එම විශේෂ සමථ මණ්ඩල දකුණේ ස්ථාපිත කර නැහැ.ඉදිරියේදී උතුරේ පවතින ඉඩම් පිළිබදව වු සමථ මණ්ඩල දකුණේ පිහිටුවීමට කටයුතු කරන බව ද කිව යුතුයි.කොළඹට පමණක් සීමා වී තිබු ණය සහන මණ්ඩලයේ කටයුතු අපි ගාල්ල රත්නපුර කුරුණෑගල හා ගම්පහ ව්‍යාප්ත කර ඒ සදහා වු ණය සහන මණ්ඩලයේ කාර්යාංශ පිහිටුවීමට කටයුතු යොදා තිබෙනවා.

මීට අමතරව නීති ආධාර සේවය වඩාත් පුළුල් කළ යුතුයි .ඒ තුළින් දිළිදු සාමාන්‍ය ජනතාවට මීට වඩා සේවාවක් සිදු කළ හැකි බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

විශේෂයෙන් සමථ මණ්ඩල සභිකයින්ගේ සේවය තවදුරටත් හොදින් සිදු කිරීම සදහා ඔවුන්ගේ දැනුම වැඩි දියුණු කළ යුතුයි.ඒ සදහා දිස්ත්‍රික්ක මට්ටමින් හෝ ඔවුන්ට පුහුණු වීම් ලබා දිය යුතුයි .ඒ තුළින් සමථ මණ්ඩල තුළින් ලබා දෙන සේවය මීටත් වඩා ශක්තිමත්ව සාර්ථකව ලබා ගත හැකි බවත් සමථ මණ්ඩල සභිකයින් වැනි සමාජ වගකීම ස්වේච්ඡාවෙන් ඉටු කරනු ලබන අය රටට අවශ්‍ය බවත් අධිකරණ අමාත්‍යවරයා සදහන් කළේය.

මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය මොහාන් සිල්වා, අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ.රත්නසිරි, සමථ මණ්ඩල කොමිෂන් සභාවේ සභාපති හෙක්ටර් එස් .යාපා යන මහත්වරුන් ද මෙහිදී අදහස් පළ කළේය.

ශ්‍රී ලංකා නිතිඥ සංගමයේ ලේකම් ජ්‍යෙෂ්ඨ නීතිඥ කෞශල්‍ය නවරත්න මහතා   මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ගීතාමනී කරුණාරත්න මහත්මිය අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ හා සමථ මණ්ඩල කොමිෂන් සභාවේ නිලධාරීන් ඇතුළු සමථ මණ්ඩල සභිකයින් මෙම අවස්ථාවට එක් විය. 

Post Views: 1
Previous Post

යළිත් පෝලිම් යුගයක් ඇති කරන්න එපා – හිටපු මුදල් ඇමතිගෙන් පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් !

Next Post

නිදහස් සැමරුමට සමගාමීව මුදල් අමාත්‍යංශය පැල සිටුවයි !

editor

editor

Next Post

නිදහස් සැමරුමට සමගාමීව මුදල් අමාත්‍යංශය පැල සිටුවයි !

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved