• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අනුරාධපුරයට අවුරුදු 5 ක සැලැස්මක්

12 July 2018
in සංවර්ධන

අනුරාධපුර දිස්ත්‍රික් පස් අවුරුදු සංවර්ධන සැලැස්ම එළිදැක්වීම අනුරධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී වාරී මාර්ග, ජල සම්පත් හා ආපදා කළමණාකරන අමාත්‍යය දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

කෘෂිකාර්මික, ධීවර, සෞඛ්‍ය, සංචාරක, අධ්‍යාපනික, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයන් ආදී අංශ රැසකින් ඉදිරි වසර 05 තුළ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් සිදු කළ යුතු සංවර්ධනයන් පිළිබඳව ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන් ව්‍යාපෘතියේ සහය ඇතිව සැකසූ සැලසුම අමාත්‍යවරයා වෙත පිළිගැන්වීම අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ආර්.එම් වන්නිනායක මහතා විසින් සිදු කරනු ලැබීය.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් පවතින අඩුපාඩු, ඒ සඳහා විසදුම් සහ විසදුම් ලබා දීමට යන පිරිවැය ආදී විස්තර රැසක් මෙම සංවර්ධන සැලසුමෙහි ඇතුළත්ය.2018-2022 දක්වා මෙම සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ඒ පිළිබඳ අමාත්‍යවරයා මෙසේ අදහස් පල කර සිටියේය “දේශපාලඥයින් හා රාජ්‍යය නිළධාරීන්ගේ වගකීම වෙන්නේ මේ ප්‍රදේශය සංවර්ධනය කිරීම හා ජනතාවට අවශ්‍යය කරන සංවර්ධනය වෙනුවෙන් රජය පැත්තෙන් නිළධාරීන් විදිහට ඔබතුමන්ලා හා දේශපාලන අධිකාරියට විදිහට අපි නායකත්වය ලබා දිය යුතුයි.මේ සඳහා අපිට සැලැස්මක් වැඩපිළිවෙලක් තිබීම අත්‍යවශ්‍යයයි, අද සිට අපිට ඒ සැලැස්ම තියෙනවා.අපෙන් උදව් ඉල්ලන, අපිට උදව් කරන්න එන සියලු දෙනාටම මේ සංවර්ධන සැලැස්ම පරිශීලනය කරලා අනුරාධපුර දිස්ත්‍රික්කයේ තත්වයත් අපිට අවශ්‍යය කරන්නේ මොනවද කියන එකත් දැන් බලාගන්න පුලුවන්කම තියෙනවා.

රාජ්‍යය නිළධාරීන් එක්ක ගණුදෙනු කිරීමේදී මම දැක්ක එක් අඩුවක් තියෙනවා. අපේ නිළධාරීන් අනෙක් ආයතන එක්ක තමන් සතු තොරතුරු හුවමාරු කර ගන්නවා අඩුයි.උදාහරණයට කෘෂිකර්මය ගත්තොත් ඒ අය කෘෂිකර්මයේ දේවල් ටික බදාගෙන ඉන්නව, වාරී මාර්ගය ගත්තොත් වාරී මාර්ගයේ තොරතුරු බදාගෙන ඉන්නවා.අපි අපේ තොරතුරු අනෙක් ආයතනත් එක්ක හුවමාරු කරගත්තොත් තමයි වැඩි වැඩකොටසක් සහ හොඳ ප්‍රගතියක් ලබා ගන්න පුලුවන්කම තියෙන්නේ.සමහර දේවල් අපේම දේවල් කියලා හංගාගෙන හිටියොත් ඒ දේවල් හැමදාමත් හැංගිලාම තියෙනවා.

ගම් පෙරළිය වැඩසටහන ලබන මාසයේදී පමණ අනුරාධපුරයේදී ආරම්භ කරන්න පුලුවන්කම තියෙනවා.ගම්පෙරළිය වැඩසටහනේදී පාරවල්, වැව් හැදෙනවා, දුෂ්කර පාසල් වල අඩුපාඩු හැදෙනවා, ගම්වල තියෙන කුඩා ක්‍රීඩාංගන හැදෙනවා, ගංවල තියෙන විහාරස්ථාන, පල්ලි ඇතුළු ආගමික ස්ථාන සඳහා රුපියල් ලක්ෂ 05 ක මුදලක් ලබා දෙනවා.සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකම හරිත උද්‍යානයක් හැදෙනවා, ඒ තුළ ඇවිදින මං තීරුවක්, බහුකාර්ය ගොඩනැගිල්ලක් හැදෙනවා. සංචාරක ආකර්ෂණය සහිත ප්‍රදේශ සංවර්ධනය කරන්න පුළුවන්කම තියෙනවා.ස්ථීර වහලක් නැති සියලු දෙනා වෙනුවෙන් ස්ථිර වහලක් හදා ගන්න අවශ්‍යය මුදල් ලබා දෙනවා.ඒ වගේම අනුරාධපුර දිස්ත්‍රික්කයේ විශේෂ ව්‍යාපෘතියක් ලෙස ස්ථීර වැසිකිලි නැති නිවාස සඳහා ස්ථිර වැසිකිලියක් ලබා දීම සිදු වෙනවා.ඒ වගේම විශාල ණය යෝජනා ක්‍රම රාශියක් එන්ට්‍රප්‍රයිස් ශ්‍රී ලංකා හරහා ලබා දීමට නියමිතයි.ඒ ණය යෝජනා ක්‍රමයේ තියෙන විශේෂත්වය තමයි ණය යෝජනා අවම පොලී අනුපාත යටතේ වගේම, පොලී රහිතව ලබා දීමට කටයුතු කරනවා.සූර්ය පැනල නිවාස වල සවි කර ගැනීම සඳහා රුපියල් ලක්ෂ 3 ½ ක ණය මුදලක් ලබා දෙනවා ඒ සඳහා පොලියක් අය කරන්නේ නෑ.වැඩිදුර අධ්‍යාපනය ලබා ගන්නා උපාධිධාරීන් සඳහා රුපියල් ලක්ෂ 15 ක ණය මුදලක් ලබා දෙනවා ඒ සඳහා පොලියක් අය කෙරෙන්නේ නෑ.ඒ වගේම ව්‍යාපාර සඳහාත් 6% ට ණය ලබා දෙනවා.එවැනි ණය යෝජනා ක්‍රම එන්ට්‍රප්‍රයිස් ශ්‍රී ලංකා හරහා මේ ගම් පෙරළියත් සමඟ සමගාමීව ලැබෙනවා යැයි ද පැවසීය.

මෙම අවස්ථාවට අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ආර්.එම් වන්නිනායක මහතා,අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ (සැලසුම්) සුගත් නයනානන්ද මහතා, ප්‍රාදේශීය ලේකම්වරුන්, රාජ්‍යය නොවන සංවිධානයන්හී නිළධාරීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

Post Views: 10
Previous Post

අපේ රටේ ප්‍රමිතියට ගැලපෙන ටින් මාළු ආනයනයට

Next Post

උපාධිධාරින් ජනතාවටත් හිසරදයක්

editor

editor

Next Post

උපාධිධාරින් ජනතාවටත් හිසරදයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved