27 April 2024
#සංවර්ධන

අපේ රටේ ප්‍රමිතියට ගැලපෙන ටින් මාළු ආනයනයට

ටින් මාලු ප්‍රමිතිය ආශ්‍රිතව මතුව තිබෙන ගැටලුකාරී තත්ත්වය අදාළ සියලුම පාර්ශවයන් සමඟ සාකච්ඡා කර අපේ රටේ ප්‍රමිතීන්ට අනුව වඩාත් ගැලපෙන ටින් මාළු ආනයනය කිරීමට ප්‍රායෝගික වැඩපිළිවෙලක් සාකච්ඡා කර යොදා ගත යුතු බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය 11 වනදා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ පැවති ටින් මාළු අර්බුදය හා වෙළෙඳපොළ ආශ්‍රිත විශේෂ සාකච්ඡාවේදීය.

මෙම සාකච්ඡාව සඳහා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය, රජයේ වාණිජ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, සෞඛ්‍ය අමාත්‍යාංශය හා ටින් මාළු ආනයනයකරුවන්ගේ සංගමයේ නියෝජිතයින් සමඟ ශ්‍රී ලංකා චීන තානාපති කාර්යාලයේ දෙවන ලේකම් රෑන් ෂියොංග් (Mr.Ran Xiong) මහතාද සහභාගී විය.

මෙහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේද පැවසීය “ මේ වන විට ශ්‍රී ලංකාවේ ආනයන සමාගම් 60 ක් වාර්ෂිකව ටින් මාළු කිලෝ මිලියන 40 ක්, අපේ රටට ආනයනය කරනවා. රජයේ වාණීජ දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛනවලට අනුව 2013 වසරේදී චීනයේ සිට ආනයනය කරන ලද ටින් මාළුවල අගය ඇමරිකානු ඩොලර් මිලියන 02 (රුපියල් මිලියන 322) කි. එය 2014 වසරේදී ඩොලර් මිලියන 4.85 (රුපියල් මිලියන 781) ක් පමණ විය. එය 2015 වසරේදී ඇමරිකානු ඩොලර් මිලියන 9.65 (රුපියල් මිලියන 1,554) ක් පමණ වැඩි විය. එය 2016 වසරේදී ඇමරිකානු ඩොලර් මිලියන 16.85 (රුපියල් මිලියන 2,713) ක් දක්වා සීඝ්‍රයෙන් වර්ධනය වු බව “ අමාත්‍යවරයා කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *