• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජපාන ආධාර යටතේ ආරම්භ කළ සංවර්ධන ව්‍යාපෘති යළි ඇරඹීමට අවධානය – ජපාන මුදල් අමාත්‍ය සුසුකි ෂුනිචි

12 January 2024
in දේශීය, පුවත්
ජපාන ආධාර යටතේ ආරම්භ කළ සංවර්ධන ව්‍යාපෘති යළි ඇරඹීමට අවධානය – ජපාන මුදල් අමාත්‍ය සුසුකි ෂුනිචි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ජපාන ආධාර යටතේ ආරම්භ කර අතරමග නැවති ඇති සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් ඇරඹීමට අවධානය යොමු කර ඇති බව මෙරටට පැමිණි ජපාන මුදල් අමාත්‍ය සුසුකි ෂුනිචි පවසයි. ජපාන මුදල් අමාත්‍ය සුසුකි ෂුනිචි මහතා (H.E. Mr. SUZUKI Shunichi) මේ බව සඳහන් කර සිටියේ ඊයේ (11) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වූ අවස්ථාවේදීය.

ජපානය සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික සබඳතා තවදුරටත් පුළුල් කර ගැනීමේ අරමුණින් ජපාන මුදල් අමාත්‍යවරයා මෙරට දෙදින නිල සංචාරයක නිරතව සිටියි.

මෙරට දළ දේශිය නිෂ්පාදිතයේ දර්ශක සහ උද්ධමන දර්ශකවල ධනාත්මක ප්‍රවණතා පෙන්වා දුන් ජපාන මුදල් අමාත්‍යවරයා එම ප්‍රගතිය ශ්‍රී ලංකාවට අත් කර ගැනීමට හැකි වූයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවැරදි ආර්ථික වැඩපිළිවෙළ නිසා බවද සඳහන් කළේය.

ශ්‍රී ලංකා ආර්ථිකය යළි නඟා සිටුවීමේ දී ආර්ථික ස්ථායීකරණය සහ ණය තිරසාරභාවය පිළිබඳ අවධානය යොමු කරමින් සුවිශේෂී ආර්ථික ප්‍රතිසංස්කරණ රැසක් මේ වන විට රජය ආරම්භ කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පැවසීය.

ශ්‍රී ලංකාවේ ණය අර්බුදය විසඳා ගැනීමට සහ වත්මන් ආර්ථික ස්ථාවරත්වය උදා කර ගැනීම වෙනුවෙන් ජපාන රජය ලබාදුන් සුවිශේෂී සහාය පිළිබඳවද ජනාධිපතිවරයා මෙහිදී කෘතවේදීව සිහිපත් කළේය.

එසේම ණය ප්‍රශස්තකරණ වැඩසටහනේ සාර්ථකත්වය පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක් වූ අතර ණය ප්‍රශස්තකරණ ක්‍රියාවලියේ දි විනිවිදභාවයෙන් යුතු ප්‍රතිපත්තියක් පවත්වාගෙන යාමේ වැදගත්කම ද සාකච්ඡා කළහ.

ශ්‍රී ලංකාවේ ණය අර්බුදය හේතුවෙන් යෙන් මුදල් ඒකකයෙන් ලබා දී තිබූ ණය අත්හිටුවීම පිළිබඳ සඳහන් කළ ජපාන මුදල් අමාත්‍ය සුසුකි ෂුනිචි මහතා, නිල ණය හිමියන්ගේ කමිටුව (OCC) සමඟ යෝජිත අවබෝධතා ගිවිසුමට එළැඹීමෙන් පසුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අධීක්ෂණය කරනු ලබන ණය තිරසරභාවය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව එම ණය මුදල් නැවත ලබාදීමේ හැකියාව පවතින බව සඳහන් කළේය.

තොරතුරු තාක්ෂණය, සමුද්‍රීය ආරක්ෂාව ඇතුළු ක්ෂේත්‍ර රැසක් ඔස්සේ ජපානය සහ ශ්‍රී ලංකාව අතර සබඳතා තවදුරටත් පුළුල් කර ගැනීම පිළිබඳවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා වූ අතර ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන වෙනුවෙන් ජපාන රජයෙන් ලබාදිය හැකි පූර්ණ සහාය ලබාදෙන බව ද ජපාන මුදල් අමාත්‍යවරයා පැවසීය.

ජපානය සහ ශ්‍රී ලංකාව අතර සමීප සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීමට තමා කැපවී සිටින බව මෙහිදී අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂයෙන් තරගකාරී හරිත ආර්ථිකයක් සහ ඩිජිටල් ආර්ථිකයක් වෙනුවෙන් තවදුරටත් සහයෝගයෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන්නේය.

වෙළෙඳ ශේෂය හිතකර මට්ටමක පවත්වාගැනීම සඳහා අපනයන කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත් බව සඳහන් කළ ජනාධිපතිවරයා, ශ්‍රී ලංකාව සඳහා නව ආර්ථික ආකෘතියක් ඇති කර ගැනීම පිළිබඳ අවධානය යොමුව ඇති බව ද පැවසීය.

ණය ප්‍රශස්තකරණ වැඩසටහන මෙම වසරේ පළමු කාර්තුව තුළ අවසන් කිරීම ශ්‍රී ලංකාවේ ඉලක්කය බව ණය ප්‍රශස්තකරණ ක්‍රියාවලියේ ප්‍රගතිය පිළිබඳ සඳහන් කරමින් මෙහිදී ශ්‍රී ලංකා නියෝජිත පිරිස විසින් ජපාන නියෝජිත පිරිස දැනුවත් කරන ලදී.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොල ප්‍රතිසංවර්ධනය කිරීම වැනි ව්‍යාපෘති කෙරෙහි ද මෙහිදී විශේෂ අවධානයක් යොමු වූ අතර ජපාන රජයේ ආධාර යටතේ ක්‍රියාත්මක දැනට අතරමග නැවති ඇති සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් යළි ආරම්භ කිරීම පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.

ජපාන දූත පිරිස සහ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස් සමරතුංග, මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ යන මහත්වරුන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Post Views: 67
Previous Post

ජවිපේ නායකයා කියන කියන පලියට රටේ ජනාධිපතිට වැඩකරන්න බැහැ – මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි

Next Post

2024 වසරේදී සංචාරකයන් ලක්ෂ 20ක් බලාපොරොත්තු වෙනවා – සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා

editor ttvnews

editor ttvnews

Next Post
2024 වසරේදී සංචාරකයන් ලක්ෂ 20ක් බලාපොරොත්තු වෙනවා – සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා

2024 වසරේදී සංචාරකයන් ලක්ෂ 20ක් බලාපොරොත්තු වෙනවා - සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
23කට දිවි අහිමි කළ අනතුරේ හේතුව සොයා තවත් කණ්ඩායමක් කොත්මලේට

23කට දිවි අහිමි කළ අනතුරේ හේතුව සොයා තවත් කණ්ඩායමක් කොත්මලේට

15 May 2025
කොටහේනේ සියදිවි නසා ගත් දැරිය සම්බන්ධව  – මවගෙන් සාක්ෂි සටහන් කර ගනී

කොටහේනේ සියදිවි නසා ගත් දැරිය සම්බන්ධව – මවගෙන් සාක්ෂි සටහන් කර ගනී

15 May 2025
තුසිත හල්ලොලුව මහතා CIDයට

තුසිත හල්ලොලුව මහතා CIDයට

15 May 2025
ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

15 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

23කට දිවි අහිමි කළ අනතුරේ හේතුව සොයා තවත් කණ්ඩායමක් කොත්මලේට

23කට දිවි අහිමි කළ අනතුරේ හේතුව සොයා තවත් කණ්ඩායමක් කොත්මලේට

15 May 2025
කොටහේනේ සියදිවි නසා ගත් දැරිය සම්බන්ධව  – මවගෙන් සාක්ෂි සටහන් කර ගනී

කොටහේනේ සියදිවි නසා ගත් දැරිය සම්බන්ධව – මවගෙන් සාක්ෂි සටහන් කර ගනී

15 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved