27 April 2024
#විදෙස්

තමිල්නාඩුවට වසර ගණනාවක පසු කාවේරි ගගේ ජලය ලැබෙයි

කේරල, කර්නාටක මෙන්ම තමිල්නාඩුවේ ජනතාව වසර ගණනාවකට පසු කාවේරි ගඟ ගලනවා දැක ඇති බව ඉන්දිය මාධ්‍ය වාර්තා සඳහන් කරයි. පසුගිය දිනවල ඇති වු දැඩි වර්ෂාව හේතුවෙන් කාවේරි ගඟ මේ වන විට පිටාර ගැලීම් සිදු වු ඇති අතර මෙය තමිල්නාඩු ජනතාවගේ දැඩි ආකාර්ශය ලක් වු අවස්ථාව මෙය වේ.

කර්නාටක ප්‍රාන්තයේ සිට දිවෙන කාවේරි ගඟ කිලෝමිටර් 802 ක දිගින් යුක්ත වන අතර එය තමිල්නාඩු ප්‍රාන්තයෙන් අවසන් වේ.

කර්නාටක හා තමිල්නාඩු ප්‍රාන්තවල ජනතාවගේ අරගල හේතුවෙන් කාවේරි ගගේ ජලය මුදා හැරිම් නතර කිරීමට කර්නාටක ප්‍රාන්තය කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වසර ගණනාවක පසු ඇඳ ඇලුණු දැඩි වර්ෂාව හේතුවෙන් කාවේරි ගගේ ජල මට්ටම පාලනය කළ නොහැකි මට්ටමක පත්වීමෙන් තමිල්නාඩු ප්‍රාන්තයට කාවේරි ගගේ ජලය පැමිණිම හේතුවෙන් එහි ජනතාව සතුටට පත්ව ඇති නමුත් ඇතැම් අයගේ ජිවිත පවා ගග පිටාර ගැලීම් හේතුවෙන් අහිමි වී තිබේ.

පෙර වසර වලදී තමිලුනාඩුවේ කවේරි ගඟේ ජලය නොමැතිව පතුල පවා දකිනට ලැබුණ අවස්ථා අනන්ත බව එම ජනතාව පවසා ඇත.

 

පුවත් පරිවර්තනය – විනෝද් මුණසිංහ
Photo credit: Mowshimkka Renganathan

 

 

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *