27 April 2024
#දේශීය

කංජිපානි ඉම්රාන්ගේ සිරමැදිරියේ දුරකතනයක් ඇතුළු සිම්පත් 04 සොයා ගැනේ

බුස්ස බන්ධනාගාරයේ කල හදිසි සෝදිසි මෙහෙයුමකදී සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන කංජිපානි ඉම්රාන් රඳවා සිටින සිරමැදිරිය තුළ ඇන්රොයිඩ් වර්ගයේ දුරකතනයක් පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් සොයා ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය කාර්යාලය පැවසුවේ බුස්ස බන්ධනාගාරයේ ආරක්ෂාව සඳහා යොදවා ඇති පොලිස් විශේෂ බලකා කඳවුරේ නිලධාරින් විසින් හදිසි මෙහෙයුමක් සිදු කර ඇති බවයි.

එහිදී කංජිපානි ඉම්රාන් සිටින සිරමැදිරිය තුළ ඇන්රොයිඩ් වර්ගයේ දුරකතනයක්, චාජර් සහ සිම්පත් 04 ක් පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සිද්ධිය සම්බන්දයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාර දීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් කියා සිටියේය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *