27 April 2024
#දේශීය

සජිත් දවල් හීන දකින බව ලාන්සා කියයි

සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩු බලය ලබා ගැනීමට දවල් හීන දකිනවා යැයි හිටපු ප්‍රජා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ කටාන ප්‍රදේශයේ ඊයේ(01) දින පැවති ජන හමුවකට සහභාගිවෙමිනි.

එහිදී ලාන්සා මහතා මෙසේ අදහස් පල කළේය “ජනතාව වෙනුවෙන් ලබා දිය නොහැකි බොරු පෙරොන්දු හා විහිළු කතා කියමින් ජනතාව මුලා කරමින් සිටින බවත් එතුමාගේ ඉලක්කය වී ඇත්තේ සිරිකොත බලය අල්ලා ගැනීමයි. තමා නායකත්වය දරන ජාතික සමගි බලවේගයේ පිරිස් සිතූ සිතූ ලෙස අදහස් ප්‍රකාශ කරමින් සිටිනවා. සජිත්ගේ පිරිස් ඔහුව අතහැර යමින් සිටිනවා. ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට ජන්දයක් ලබා දීමට නොහැකි වීම පිළිබදව එක්සත් ජාතික පාක්ෂිකයෝ අද කළ කිරීමට ලක් වී තිබෙනවා. ඉදිරි මහ මැතිවරණයේදී ආසන 150 ට එහා ගිය බලයක් ලබා ගන්නවා. එක්සත් ජාතික පක්ෂය වටා සිටි ජනතාව එම පක්ෂයේ නායකයින්ගේ ක්‍රියාකලාපයන් නිසා කලකිරීමට පත් වෙලා . එම පිරිස් පොදුජන පෙරමුණ වටා රොක් වෙමින් සිටිනවා. වේගවත් සංවර්ධනයක්, යහපත් ආර්ථිකයක් නිර්මාණය කිරීමට හැකියාව ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බවත් ඒ වෙනුවෙන් නිසි වැඩපිළිවෙලක් ඉදිරිපත් කර තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනවල පවතින ඇතැම් අර්බුදකාරි තත්ත්වයන් හේතුවෙන් රට ඉදිරියට ගෙන යාමට නොහැකි වී තිබෙනවා. ජනතාවාදි ව්‍යවස්ථාවක් සකස් කිරීම සදහා අවශ්‍ය ශක්තිමත් පාර්ලිමේන්තුවක් ගෝඨාභය රාජපක්ෂ මහතා බලාපොරොත්තු වන බව නිමල් ලාන්සා මහතා පැවසීය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *