• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

විදුලි කාර්මිකයින්ට ජාතික හා ජාත්‍යන්තර පිළිගත් වෘත්තීය සුදුසුකම් නොමිලේ

23 February 2021
in සංවර්ධන
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter

මෙරට විදුලි කාර්මික ක්ෂේත්‍රයේ ආරක්ෂාව වැඩිදියුණු කිරීමේ අරමුණින් විදුලි කාර්මිකයින්ට ජාතික හා ජාත්‍යන්තර පිළිගත් වෘත්තීය සුදුසුකම නොමිලේ ලබාදීම නියමිතයි.

ඊට අදාළ තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව, වෘත්තීය පුහුණු අධිකාරිය හා ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව යන රාජ්‍ය ආයතන ත්‍රිත්වය අද ( 23 ) දින නිපුණතා සංවර්ධන අමාත්‍යංශයේදී අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීය.

නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මියගේ ප්‍රධානත්වයෙන් තෘතීය හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ සභාපති ඉංජිනේරු උදේනි වික්‍රමසිංහ මහතා, වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපති දමිත වික්‍රමසිංහ මහතා සහ මහජන උපයෝගීතා කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ මහතා විසින් මෙම අත්සන් තැබීම සිදුකරන ලදි.

මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නිපුණ ශිල්පීන් ලෙස වෘත්තීන් 11ක් හඳුනාගෙන ඇති අතර එයින් එක් අංශයක් වන්නෙ විදුලි කාර්මික ශිල්පයයි. මෙරට විදුලි කාර්මිකයින් 45,000ක පමණ පිරිසක් මේ වන විට වෘත්තීයෙහි නියැලෙන බවට ඇස්තමේන්තු කර තිබේ. නමුත් ඔවුන්ගෙන් 85% කට සිය වෘත්තිය සම්බන්ධයෙන් පිළිගත් අධ්‍යාපන හෝ වෘත්තීය සුදුසුකමක් නොමැති බවද අනාවරණය වී තිබේ. පලපුරුද්දෙන් වෘත්තීයෙහි නියැලෙන විදුලි කාර්මිකයින් විශාල සංඛ්‍යාවක් අවශ්‍ය වෘත්තීය දැනුම ලබාගත්තද විදුලි කාර්මිකයින් හට ජාතික වෘත්තීය පුහුණු සුදුසුකම ලබාගැනීමට ප්‍රධාන බාධාවක් වී ඇත්තේ පාඨමාලා කාලය සහ ඒ සඳහා වැයවෙන ගාස්තු ආදියයි.

මෙම ගැටළුවට පිළියමක් වශයෙන් නොමිලේ ජාතික වෘත්තීය සුදුසුකම NVQ Level 3 ලබා දීමට මෙම රාජ්‍ය ආයතන ත්‍රිත්වය කටයුතු කර තිබේ. ඒ අනුව මෙම අවබෝධතා ගිවිසුම මගින් විදුලි කාර්මික ශිල්පී පාඨමාලා සඳහා වැයවෙන පාඨමාලා ගාස්තු හා පරීක්ෂණ ගාස්තු ජාතික වෘත්තීය පුහුණු අධිකාරිය හා ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් දරනු ලැබේ.

මෙම වැඩසටහනේ මුල් අදියරේදී දිස්ත්‍රික්කයකට විදුලි කාර්මිකයින් සිය දෙනෙකුට විශේෂ සිව්දින වැඩසටහන යටතේ පුහුණුව ලබාගෙන NVQ 3 මට්ටම ලබාගැනීමට පහසුකම් සැලසෙන අතර මුල් අදියරේදී විදුලි කාර්මිකයින් 2400කට NVQ 3 පිරිනැමීමට සැලසුම් කර ඇත.

විදුලි කාර්මික බලපත්‍ර ක්‍රමය අනුව ශ්‍රේණි 6ක් යටතේ විදුලි කාර්මිකයා වර්ග කර බලපත්‍ර පිරිනමනු ලැබේ. රැහැන්කරු, ආධුනික විදුලි කාර්මික ශිල්පි, කණිෂ්ඨ විදුලි කාර්මික ශිල්පී, ජ්‍යෙෂ්ඨ විදුලි කාර්මික ශිල්පී, ප්‍රධාන විදුලි කාර්මික ශිල්පී සහ විශේෂඥ විදුලි කාර්මික ශිල්පී යන ශ්‍රේණි 6 ඔස්සේ විදුලි කාර්මිකයාට උසස්වීම් ලබාගැනීමට හැකි වේ.

මෙම ශ්‍රේණි ක්‍රමය ජාතික වෘත්තීය සුදුසුකම ( NVQ ) සේවා පළපුරුද්ද පදනම් කරගෙන ක්‍රියාත්මක වෙයි. කණිෂ්ඨ විදුලි කාර්මික ශිල්පී තනතුර ලබාගැනීම සඳහා NVQ 3 හෙවත් ජාතික වෘත්තීය සුදුසුකම 3වැනි මට්ටම හා සේවා පලපුරුද්ද අවශ්‍ය වේ. විදුලි කාර්මිකයෙකු ජාතික වෘත්තීය සුදුසුකම 4 වන මට්ටම හා අදාළ සේවා පලපුරුද්ද ලබාගත් විට ජ්‍යෙෂ්ඨ විදුලි කාර්මික බලපත්‍රය ලබාගත හැකිය. ජාතික වෘත්තීය සුදුසුකම 5 වන මට්ටම ලබාගත් පසු ප්‍රධාන විදුලි කාර්මික තනතුර හා විශේෂඥ විදුලිකාර්මික ශිල්පී බලපත්‍රයද පිරිනැමේ.

ඒ අනුව අද දින අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම මගින් විදුලිකාර්මිකයාට සිය වෘත්තීය බලපත්‍රය ලබාගැනීම සඳහා අවශ්‍ය වන ජාතික වෘත්තීය සුදුසුකම 3 මට්ටම කඩිනම් ක්‍රමයක් යටතේ නොමිලේ ලබා ගැනීමට හැකියාව ලැබෙන අතරම ඉදිරියේදී නිවෙස් වල විදුලි පද්ධති ස්ථාපනය, ඒවා පරීක්ෂා කිරීම හා සහතික කිරීමේ හැකියාවද ලැබෙනු ඇත. එමෙන්ම විදුලිකාර්මිකයාට ජාතික හා ජාත්‍යන්තර පිළිගැනීමක් ලබාදී ඔහුගේ වෘත්තීය ප්‍රගමනයට බාධාවක්ව පවතින අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ අඩුවද මෙම අවබෝධතා ගිවිසුම මගින් පුරවනු ලැබේ.

අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට නිපුණතා අමාත්‍යාංශයේ ලේකම් පද්මා රාජපක්ෂ මහත්මිය ඇතුලු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී විය.

Post Views: 17
Previous Post

කොරෝනා සුව වු සෞඛ්‍ය ඇමැතිනි යළි රාජකාරි අරඹයි

Next Post

රබර්වලට වාර්තාගත මිළක් -ඔබේ වගාව ප්‍රවේසම් කර ගන්නා ලෙස දැනුම් දීමක්

editor

editor

Next Post

රබර්වලට වාර්තාගත මිළක් -ඔබේ වගාව ප්‍රවේසම් කර ගන්නා ලෙස දැනුම් දීමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දුර බැහැර ප්‍රදේශවල සේවය කරන විශේෂඥ වෛද්‍යවරුන් සඳහා ප්‍රවාහන පහසුකම් ඉල්ලා GMOA වෙතින් රජයට බලපෑම්

දුර බැහැර ප්‍රදේශවල සේවය කරන විශේෂඥ වෛද්‍යවරුන් සඳහා ප්‍රවාහන පහසුකම් ඉල්ලා GMOA වෙතින් රජයට බලපෑම්

15 September 2026
වන විනාශය හෝ පරිසර හානියක් ගැන දැනුම්දීමට 1995ට කතා කරන්න

වන විනාශය හෝ පරිසර හානියක් ගැන දැනුම්දීමට 1995ට කතා කරන්න

15 September 2026
ඉන්ධන මිල සංශෝධනයක් ගැන මෙතෙක් කිසිදු යෝජනාවක් නැහැ

ඉන්ධන මිල සංශෝධනයක් ගැන මෙතෙක් කිසිදු යෝජනාවක් නැහැ

15 September 2026
ඩයස්පෝරා අරමුදල් ලැබුණු බවට  පළ වන චෝදනා රජය තරයේ ප්‍රතික්ෂේප කරයි

ඩයස්පෝරා අරමුදල් ලැබුණු බවට පළ වන චෝදනා රජය තරයේ ප්‍රතික්ෂේප කරයි

15 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වැට් බදු ආරවුලක් සම්බන්ධයෙන් යුනිලිවර් සමාගම ගොනු කළ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කෙරේ

කරුණා පිල්ලෙයාන් දමනය කළා වගේ නාමල් අර්චුනා දමනය කළා

15 September 2026
වැට් බදු ආරවුලක් සම්බන්ධයෙන් යුනිලිවර් සමාගම ගොනු කළ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කෙරේ

වැට් බදු ආරවුලක් සම්බන්ධයෙන් යුනිලිවර් සමාගම ගොනු කළ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කෙරේ

15 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved