• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

විදුලිය නොමැති පවුල්වලට මහමැතිවරණයෙන් පසු නොමිලේ සුර්ය බල විදුලි කට්ටල ලබා දෙනවා – ඇමැති අමරවීර

27 July 2020
in සංවර්ධන

රටේ තවමත් විදුලි බලය නැති පවුල් 12,500 සඳහා නොමිලේ සූර්ය බල විදුලි කට්ටල ලබා දීම රජය මහමැතිවරණයෙන් පසුව ආරම්භ කරන බව විදුලිබල බලශක්ති හා ප්‍රවාහණ සේවා කළමනාකරණ අමාතය මහින්ද අමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ කහඳමෝදර නවගම්මානයට විදුලිය සැපයීමෙන් අනතුරුව අදහස් පළ කරමිනි. ධීවර කර්මාන්තයෙන් හා කෘෂිකර්මාන්තයෙන් ජීවත් වන වැඩි පිරිසක් ජීවත්වන කහඳමෝදර නව ගම්මානයට මෙතෙක් විදුලිබලය ලබා දී නොතිබුනි.

අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙසේ අදහස් පල කළේය ” අපේ රටේ සමෘද්ධි ප්‍රතිලාභී පවුල් ලක්ෂ 18ක් පමණ සිටිනවා. මේ සියලු දෙනාම අඩු ආදායම්ලාභී පවුල් . මේ අයගෙන් බොහෝ දෙනෙක් විදුලිබලය ලබා ගෙන තිබුනත් ඒ් අයට මාසිකව විදුලි බිල්පත් ගෙවන්න තරම් ආදායමක් නෑ. මේ නිසා අපි රජය විදියට තීරණයක් ගෙන තිබෙනවා මේ සියලු දෙනාටම සූර්ය විදුලිබල කට්ටල ලබා දෙන්න. ඒ්වා සියල්ලම අපි ලබා දෙන්නේ නොමිලේ. ඊට පස්සේ ඒ් පවුල්වලට විදුලිය බිල් ගෙවන්න මුදල් වැය කරන්න වෙන්නේ නැහැ. ඒ් වගේම මෙම සූර්ය බල පද්ධතිවලින් නිපදවන අමතර විදුලිබලය ලංකා විදුලිබල මණ්ඩලය විසින් මිල දි ගැනීමේ වැඩ පිලිවෙලකුත් අපි ආරම්භ කරනවා. මෙම ගමේ බොහෝ දෙනෙක් විදුලි බලය නොමැතිව කටයුතු කළ පිරිසක්. දරුවන්ට අධ්‍යාපනික කටයුතු සඳහා විදුලිබලය නොමැතිවීම විශාල ගැටළුවක් ව තිබුනා. නමුත් දැන් අද ඉඳන් ඒ් අයට විදුලිය ලබා දී තිබෙනවා. ලංකා විදුලි බල මණ්ඩලය දැනට පාඩු පිට පවත්වාගෙන යන ආයතනයක්. හේතුව තමයි පසුගිය වසර පහක කාලය තුළ අඩුම තරමින් විදුලිය ඒ්කකයකින්වත් ජාතික විදුලි පද්ධතියට එක් කිරීමේ වැඩ පිලිවෙළක් ආරම්භ නොකිරීම. ඒ් නිසා ජාතික අවශ්‍යතාවයෙන් වැඩි ප්‍රමාණයක් පුද්ගලික අංශයෙන් හදිසි මිල දී ගැනිම් යටතේ මිල දී ගන්න ලංකා විදුලි බල මණ්ඩලයට සිදු වුනා. නමුත් ජනාධිපතිතුමා මට උපදෙස් දී තිබෙනවා දැනට හඳුනාගෙන ඇති විදුලි ව්‍යාපෘති වහාම ආරම්භ කරන ලෙසට. මම දන්නවා දැනට අප ගෙන යන වැඩ පිලිවෙල අනුව 2023 වනවිට රටේ විදුලි අවශ්‍යතාවයෙන් සියයට සියයක්ම ලංකා විදුලි බල මණ්ඩලය යටතේ නිපදවීමට හැකියාව ලැබෙනවා. ඒ් අනුව 2023 වර්ෂය මේ රටේ විදුලි බල අංශයේ ස්වර්ණමය වර්ෂය බවට පත් කිරිමිට මම මේ වනවිටත් අවහ්‍ය පියවර ගෙන තිබෙනවා යැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම අවස්ථාවට ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු පීරිසක් සහභාගි වී සිටියහ.

Post Views: 9
Previous Post

“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් දුන් පොරොන්දු නොපිරිහෙළා ඉටුකරනවා – ජනපති

Next Post

ණය යෝජනා ක්‍රමයක් පෙන්වා විදෙස්ගත ශ්‍රමිකයන් වෙතින් මුදල් වංචා කළ කල්ලිය කොටු

editor

editor

Next Post

ණය යෝජනා ක්‍රමයක් පෙන්වා විදෙස්ගත ශ්‍රමිකයන් වෙතින් මුදල් වංචා කළ කල්ලිය කොටු

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved