ගම්පොළ නගරයේ සාලියාල ප්‍රදේශයේ ගොඩගැසී ඇති විශාල කසළ කඳු හේතුවෙන් හමා එන දුර්ගන්ධය සහ මැසි මදුරු පීඩාව නිසා තමන් දැඩි දුෂ්කරතාවකට පත්ව සිටින බව ප්‍රදේශවාසීහු පවසති.
පසුගිය අධික වර්ෂාවත් සමඟ ජලයෙන් යටවූ නිවාසවල විනාශ වූ දේපළ හා අපද්‍රව්‍ය ගම්පොළ නගර සභාව මඟින් ඉවත් කරන බව පැවසීම හේතුවෙන් මෙම ස්ථාන දෙකෙහි ගොඩගසා තිබුණි. එහෙත් මේ දක්වා එම කසළ ඉවත් කිරීමට පියවර ගෙන නොමැති අතර, මේ නිසා විවිධ ලෙඩ රෝග පැතිර යන තත්ත්වයක් නිර්මාණය වී ඇති බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති. මෙම ප්‍රදේශය නිරීක්ෂණයට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී පස්මිං ශරීෆ් මහතාගෙන් ජනතාව කළ ඉල්ලීමකට අනුව, කසළ ඉවත් කිරීමට නගර සභාව වෙත දැනුම්දෙන බව හෙතෙම සඳහන් කළේය. කෙසේ වෙතත්, කසළ ඉවත් කිරීමට සුදුසු ස්ථානයක් නොමැති වීම හේතුවෙන් මෙම කටයුතු ප්‍රමාද වූ බව ගම්පොළ නගර සභා පාලනාධිකාරිය සඳහන් කරයි.














