ජර්මනියේ පවතින අධික උණුසුම් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 9,800ක් පමණ මියගොස් ඇති බව එරට RKI සෞඛ්‍ය ආයතනය පවසයි.
අද (30) නිකුත් කරන ලද වාර්තාවකට අනුව, මෙලෙස මියගිය පිරිසෙන් බහුතරයක් වයස අවුරුදු 75 හෝ ඊට වැඩි වයස්ගත පුද්ගලයින් වේ. සතියක සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 20 ඉක්මවීම හේතුවෙන් මෙම මරණ අනුපාතය වේගයෙන් ඉහළ ගොස් ඇති අතර, ඉදිරියේදී උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 සීමාව ඉක්මවා යා හැකි බැවින් මරණ සංඛ්‍යාව තවත් වැඩි විය හැකි බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවා තිබේ.














