• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

තම සේවකයින් වෙනුවෙන් Gflock වී අස්වනු නෙලයි

15 August 2022
in ව්‍යාපාර

වර්තමානයේ රටේ පවතින ආර්ථික අර්බුදයෙන් රටත්, ජනතාවත් ආරක්ෂා කර ගැනීම සඳහා Gflock ආයතනය ඩොලර් ආදායම රටට ගෙනඒම සඳහා තරුණ නිර්මාණශීලීන්ගේ දායකත්වයෙන් නව ව්‍යාපාර සැලසුම් ක්‍රියාත්මක කරමින් සිටින බවත් සිය ව්‍යාපාරය සමාජ සුබසාධනය වෙනුවෙන් කටයුතු කරන බව එම ආයතනයේ සභාපති රනිල් විල්අද්දරගේ මහතා පවසයි.

ඒ මහතා මෙම අදහස් පළ කර සිටියේ සිය ව්‍යාපාර සමූහයේ සෘජු හා වක්‍ර සේවකයින්ට මාසිකව ලබාදෙන අත්‍යවශ්‍ය ආහාර පැකේජය සඳහා වන සහල් ලබාගැනීමට පඬුවස්නුවර, ඔසේගම ගම්මානයේ වී අස්වනු නෙලීමේ උත්සවයට සහභාගී වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රනිල් විල්අද්දරගේ මහතා, “වත්මන් ආර්ථික අර්බුදය හමුවේ ජීවත් වීම සඳහා ජනතාවට එල්ල වී ඇති පීඩනය අවම කිරීම සඳහා සිය ව්‍යාපාරය හරහා සිදු කළ හැකි පුන්‍යකර්මයකට දායක වෙමින් සෘජු හා වක්‍ර සේවකයින්ගේ පවුල් ආරක්ෂා කර ගැනීම සඳහා මෙම වැඩසටහන ක්‍රියාත්මක කළා. ඉදිරියටත් යල හා මහ කන්නයන් වී වගා කරමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනවා. ලෝකය පුරා පැතිර ගිය කොරෝනා වසංගතය සමග ඇතිවූ අවිනිශ්චිතතාවය හේතුවෙන් රටක් වශයෙන්, පවුලක් වශයෙන් හා ව්‍යාපාරයක් ලෙස රට ස්වයංපෝෂිත කිරීම යන අදහසත්, ඒ සඳහා අපට ලබාදිය හැකි දායකත්වය වෙනුවෙන් හා වැඩි එලදායිතාවයක් ලබාගැනීම යන සංකල්පය මත මෙය ක්‍රියාත්මක කළා. සමාජ සුබසාධනය වෙනුවෙන් ක්‍රියාත්මක වෙමින් ලාභයෙන් කොටසක් සමාජයේ අවශ්‍ය ජනතාව වෙනුවෙන් එලදායි ලෙස යෙදවීමේ අපේ පරමාර්ථයයි. අපේ ව්‍යාපාරය විදේශ විනිමය රටට ගේන ව්‍යාපාරයක්. වත්මන් ආර්ථික අර්බුදයට ප්‍රධාන ගැටලුව වන ඩොලර් ප්‍රශ්නයට විසදුමක් සේවීම වෙනුවෙන් අපේ තරුණ කණ්ඩායම වෙනදාට වඩා වැඩි දායකත්වයකින් වැඩ කරනවා. රටේ ආර්ථික අර්බුදයක් පවතින මොහොතක රටේ ජනතාව ආරක්ෂා කිරීම ව්‍යවසායකයන් විදියට අපේ වගකීමක්. ව්‍යාපාර ලාභ ලබනවා වගේම රට අමාරු අවස්ථාවක ලාභයෙන් කොටසක් සේවකයින් වෙත නැවත ලබාදෙමින් ඔවුන්ගේ පවුල් රැක බලා ගැනීම මෙන්ම ඒ් හරහා සමාජ පීඩනයක් ඇති වීම වළක්වන්න සහයෝගය දෙන්න ඕනේ. ව්‍යවසායකයන් විදියට අපි සැවොම එකම පවුලක් ලෙස කටයුතු කරමින් මෙම ආර්ථික අර්බුදයෙන් රට බේරා ගැනීමට කටයුතු කළ යුතුයි. ජනතාව තුළ සමාජ පීඩනයන් අවම කිරීම සදහා මැදිහත් වෙන්න පුළුවන්. ආර්ථික අර්බුදයකදී පීඩාවට පත්වන ජනතාව ආරක්ෂා කර ගැනීමට අපි කටයුතු කළ යුතුයි. අපේ රටේ නිෂ්පාදන, අපේ සන්නාමයන් ජාත්‍යන්තර වෙළෙදපොල තුළ තරඟකාරිත්වයක් ඇති කරමින් අපේ විදේශ විනිමය අර්බුදයට විසදුම් සෙවිය යුතුයි. ඒ සඳහා සිය වගකීම් ඉටු කරමු” යැයි රනිල් විල්ලඅද්දරගේ මහතා වැඩදුරටත් පැවසීය.

 

පිටපත – PR

 

Post Views: 6
Previous Post

අපි කුණු ලොරි වෙන්නේ නැ – විපක්ෂනායක සජිත් කියයි

Next Post

කිරි කෝප්පයෙන් කැඳ කෝප්පයට මාරු වෙමු වැඩසටහනක් උකුවෙලදී

editor

editor

Next Post

කිරි කෝප්පයෙන් කැඳ කෝප්පයට මාරු වෙමු වැඩසටහනක් උකුවෙලදී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved