27 April 2024
#දේශීය

කිරි කෝප්පයෙන් කැඳ කෝප්පයට මාරු වෙමු වැඩසටහනක් උකුවෙලදී

නීරෝගිමත් දිවියක් සදහා මෙන්ම පවත්නා සමාජ තත්ත්ව අභිමුව දේශීය ආහාර රාටාවකට අනුගත වෙමින් දේශීය පාන වර්ගවල ජීව ගුණය ලැබීමේ වැදගත්කම පිළිබදව දහම් පාසල් ප්‍රජාවට අවබෝධයක් ලබා දීමේ අරමුණින් සංවිධානය වන “කිරි කෝප්පයෙන් කැඳ කෝප්පයට මාරු වෙමු” සුවිශේෂී වැඩසටහන් පෙළෙහි තවත් දිග හැරුමක් උකුවෙල හලංගොඩ කොහොන් රජමහ විහාර ශ්‍රී සරණංකර දහම් පාසලේ දී සිදු කරන ලදී.

උකුවෙල ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලය,උකුවෙල ආයුර්වේද සංරක්ෂණ සභාව උකුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයය සුසංයෝගී වෙමින් සංවිධානය කරනු ලබන මෙම වැඩසටහන් මාලාවේ අද දින වැඩසටහන සදහා පාරම්පරික දේශීය වෛද්‍යාචාර්‍ය සිසිර ඒකනායක මහතා සහ ආයුර්වේද වෛද්‍යාචාර්‍ය නිරෝෂන් විජේසූරිය මහත්වරු විසින් සම්පත්දායකත්වය ලබා දෙන ලදී.

මෙම වැඩසටහනේ දී දහම් පාසල් දරුවන් සදහා දේශීය පාන පිළිබද දැනුවත්භාවය මෙන්ම ගුණාත්මක බවෙන් යුතු කුරහන් කැඳ කෝප්පයක් ද වැඩසටහන අවසන ලබා දෙන ලදී.

මෙම කටයුතු සාර්ථක කර ගැනීමේ දී හලංගොඩ ශ්‍රී සරණංකර දහම් පාසලේ ප්‍රධානාචාර්‍ය හලංගොඩ අරියශාන්ත ස්වාමින්වහන්සේ උකුවෙල ආයුර්වේද සංරක්ෂණ සභාවේ සභාපති වෛද්‍යාචාර්‍ය සිසිර ඒකනායක ,නිරෝෂන් විජේසූරිය ,බෞද්ධ කටයුතු සමායෝජක නිලධාරි උදේනි අබේරත්න යන මහත්ම මහත්මින් ඇතුලු පිරිසක් එක්වි සිටියහ.

 

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *