අයහපත් කාලගුණයත් සමඟ ඊයේ (21) පස්වරු 5ට පමණ ගිනිගත්හේන ප්‍රදේශයේදී ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රථයක් මතට මාර්ගය අසල තිබූ විශාල ගසක් කඩා වැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
අනතුර සිදුවන අවස්ථාවේ ත්‍රීරෝද රථයේ එකම පවුලේ ඥාතීන් තිදෙනෙකු ගමන් කර ඇති අතර, ඔවුන් කිසිවෙකුටත් තුවාල සිදුව නැහැ. කෙසේ වෙතත්, හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් රියදුරා ගිනිගත්හේන ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබෙනවා.
අනතුරින් ත්‍රීරෝද රථයට මෙන්ම ආසන්නයේ තිබූ දුරකථන කණුවකට සහ රැහැන් පද්ධතියකටද හානි සිදුව ඇති බව පොලීසිය සඳහන් කළා.














