• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ගම්පරළිය සංවර්ධන අරමුදල හරහා ජනතාවට සහන දෙන්න – කිරිඇල්ල කියයි

2 April 2020
in දේශීය

ජනතා සහන සැලසීමේදි මූල්‍ය අර්බුද පැනනැගී ඇත්නම් පසුගිය රජයේ ගම්පෙරළිය සංවර්ධනය ව්‍යාපෘතියෙහි ග‍්‍රාම සංවර්ධන කමිටු ගිණුම් වල ඇති මුදල් ජනතා සහන සැලසීමට භාවිතා කළහැකි බව හිටපු පාර්ලිමේන්තු මන්ති‍්‍ර ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

විපක්ෂයේ සිටියද මේ මොහොතේ ජනතා සහන සැලසීමට රජයට සහයෝගය දියයුතු බව පැවසූ මන්ති‍්‍රවරයා ප‍්‍රකාශ කර සිටියේ පසුගිය රජය දිවයිනේ සෑම කොට්ටාශයකම රු.මිලියන 200ක සංවර්ධන ව්‍යාපෘති සිදුකළ අතර එමගින් සෑම ග‍්‍රාම සංවර්ධන කමිටුවකටම ආයෝජන මුදලින් සියයට පහක් ලැබුණ බවත් මේ මොහොතේ එම ගිණුම් වල එම ඉතුරුම් මුදල් තිබෙන බැවින් ග‍්‍රාමීය මට්ටමින් සහන සැලසීමට රජයට එය භාවිතා කළහැකි බවයි.

ග‍්‍රාමීය ජනතාවට තවමත් සහන නොලැබී ඇති බැවින් ප‍්‍රාදේශීය මන්ති‍්‍රවරුද සම්බන්ධ කරගනිමින් මේ පිලිබඳව සොයාබැලීමේදි ජනතා සහන සැලසීමට ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල වලට අවශ්‍ය මූල්‍ය ප‍්‍රතිපාදන තවමත් ලැබී නැති බව තමන්ට දැනගැනීමට ලැබුණු බවද ඒ මහතා ප‍්‍රකාශ කර සිටියේය.

එබැවින් රජයට මූල්‍යමය ගැටළු ඇත්නම් මේ මොහොතේ ගම්පෙරළිය සංවර්ධන අරමුදල භාවිතා කරන ලෙසට තමන් රජයට යෝජනා කරසිටින බව හිටපු මන්ති‍්‍රවරයා වැඩිදුරටත් පැවසීය.

 

 

 

 

දිලිනි සමන්මලි

Post Views: 5
Previous Post

මෙරට කොරෝනා ආසාධිතයින් 150 දක්වා ඉහලට

Next Post

අසත්‍ය පණිවුඩ ගැන රජයේ අවදානය යොමු කෙරේ

editor

editor

Next Post

අසත්‍ය පණිවුඩ ගැන රජයේ අවදානය යොමු කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved