• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

දීපු නිදහස නිවැරදිව බුක්ති විදින්න – ජනපති

22 September 2018
in දේශීය

තමා ලබා දුන් නිදහස නිවැරදිව බුක්ති විදින ලෙසත් එය ඇතැම් අය වැරදි ආකාරයෙන් භාවිතා කරමින් සිටින බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ කුරුණෑගල දිස්ති‍්‍රක් ගොවි ජනතාව වෙත ඉඩම් දීමනා පත‍්‍ර පිළිගැන්වීමේ උත්සවයට ඊයේ (21) පස්වරුවේ එක්වෙමින්.

එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ පොදු ජන ජීවිතයේ දුක් කම්කටොලු පිළිබඳ අත්දැකීම් ඇති ජනාධිපතිවරයෙකු ලෙස තමා සෑමවිටම ජනතාවගේ බලාපොරාත්තු ඉටුකිරීම වෙනුවෙන් කැප වී සිටින බවයි.

ශ‍්‍රී ලංකාවේ සියලුම පුරවැසියන් වෙත භූමියේ හිමිකම තහවුරු කිරීම උදෙසා දිමනා පත‍්‍ර හා බලපත‍්‍ර දස ලක්ෂයක් බෙදාදීමේ ජාතික වැඩසටහන කි‍්‍රයාත්මක වේ. ඒ යටතේ කුරුණෑගල දිස්ති‍්‍රක්කයේ රජයේ ඉඩම්වල පදිංචිව සිටින සහ ඉඩම් සංවර්ධනය කරගෙන සිටින ගොවි ජනතාව වෙත දීමනා සහ බලපත‍්‍ර 2000 ක් ලබාදීම ඊයේ දින සිදු කෙරිණි.

මෙහි දී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ශ‍්‍රී ලංකාවේ සියලුම පුරවැසියන් වෙත භූමියේ හිමිකම තහවුරු කිරීම උදෙසා වත්මන් රජය කටයුතු කරමින් සිටින බවයි.

කුරුණගල දිස්ති‍්‍රක්කයේ ගල්ගමුව, ආනමඩුව, ගිරිබාව, අඹන්පොළ, මහව, ගල්කිරියාගම යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ගොවි ජනතාව වෙනුවෙන් මෙම ඉඩම් බලපත‍්‍ර බෙදාදීම සිදු වූ අතර මෙකී ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආවරණ වන පරිදි සංකේතාත්මකව 40 දෙනෙකු වෙත බලපත‍්‍ර ප‍්‍රදානය කිරීම ජනාධිපතිවරයා අතින් සිදු විය.

පඬුවස්නුවර බටහිර ශාසනාරක්ෂණ මණ්ඩලයේ දෙවන කලාපයේ ප‍්‍රධාන සභාපති හා පඬුවස්නුවර පණ්ඩුකාභය පරිවෙනාධිපති හා හොරගොල්ල මේධංකර බෞද්ධ මධ්‍යස්ථානය හා දිගල්ලගෙදර ශෛල්‍යාරාමය යන විහාරස්ථානවල උභය විහාරාධිපති පූජ්‍ය වහන්තුරේ සිද්ධාර්ථ හිමි වෙත පූජා ඔප්පු පිළිගැන්වීම ද ජනාධිපතිවරයා සිදු කෙරිණි.

රාජ්‍ය ආයතන සඳහා ඉඩම් පැවරීම යටතේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට සහ වයඹ පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් බලපත‍්‍ර පිරිනැමුණේ ද ජනාධිපතිවරයා අතිනි.

අමාත්‍යවරුන් වන ගයන්ත කරුණාතිලක, එස්. බී. නාවින්න, දුමින්ද දිසානායක, නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක, වයඹ පළාත් ආණ්ඩුකාර කේ. කේ. ලෝගේෂ්වරන්, ප‍්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක, ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්. එස්. කරුණාරත්න, දිස්ති‍්‍රක් ලේකම් ගාමිණි ඉලංගරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Post Views: 1,274
Previous Post

සීමා නිර්ණ පිළිබඳ වාර්තාව ප්‍රමාදය….! ඡන්දය කඩිනමින් කළ යුතුයි ….!

Next Post

විකල්ප ආණ්ඩුව ලෙස රට භාර ගැනීමට ‘මහින්ද බලවේගය’සූදානම් – විමල් කියයි

editor

editor

Next Post

විකල්ප ආණ්ඩුව ලෙස රට භාර ගැනීමට ‘මහින්ද බලවේගය’සූදානම් - විමල් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved