• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගෝඨා යන්නෙත් රනිල්ගේ පාරේ – ජවිපෙන් චෝදනා

7 January 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

රනිල් මහත්තයාගේ ආණ්ඩුව පරාජය කළාට ඒ ආර්ථික ප්‍රතිපත්ති පරාජයට පත්කර නොමැති බවත් ගෝඨාභය රාජපක්ෂ මහතාද යන්නේ ඒ පාරේ බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

රටේ සම්පත් රකිනවා කියලා බලයට පත්වුණු වර්තමාන ආණ්ඩුව රටේ සම්පත් විකුණමින් කොළඹ වරාය නැගෙනහිර ජැටියත් විකිණිමට කටයුතු කරන බව එම පක්ෂය චෝදනා කර සිටි.

අද (07) එම පක්ෂය විසින් කැඳවා තිබු මාධ්‍ය හමුවක් අමතමින් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා කියා සිටියේ වර්තමාන ආණ්ඩුව ජනමතයට ඇහුම්කන් නොදී රටට ඩොලර් ගලාගෙන එන කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවේ ‘අදානි’ සමාගමට දීමට අදාළ කටයුතු දිගටම කරගෙන යන බවයි.

වර්තමාන ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වෙලා තියෙන්නේ මීට කලින් තිබුණු රනිල් – මෛත්‍රී ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තියම බව හෙතෙම පැවසිය.

අපේ රටේ ජනතාව පසුගිය ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී විශාල බලයක් දීලා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පරාජයට පත් කළේ ඒ ආණ්ඩුව ගෙනගිය වැරදි ප්‍රතිපත්තිය නිසා.

හැබැයි ජනතාව රනිල් මහත්තයාගේ ආණ්ඩුව පරාජය කළාට ඒ ආර්ථික ප්‍රතිපත්ති පරාජයට පත්කර නොමැති බවත් ගෝඨාභය රාජපක්ෂ මහත්තයයි මහින්ද රාජපක්ෂ මහත්තයයි අනුගමනය කරන්නේ පරාජයට පත්කළ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ආර්ථික ප්‍රතිපත්තියම බව හෙතෙම පැවසිය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වු ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ” ඇත්ත ගත්තොත් දැන් වෙනකොට පැරදිලා තියෙන්නේ මේ රට වෙනස් කරයි කියලා හිතලා ඡන්දය දුන් ඡන්දදායකයනුයි. නමුත් රනිල් මහත්තයාත් එයාගේ ආර්ථික ප්‍රතිපත්තියත් පැරදිලා නැහැ. රනිල් මහත්තයා ගිය පාරේම යමින් මේ ආණ්ඩුව ජාතික සම්පත් විකුණමින් ඉදිරියට යනවා. හම්බන්තොට වරාය අනූනව අවුරුද්දකට චීන සමාගමට බදු දෙනකොට ඒ රනිල්-මෛත්‍රී ආණ්ඩුවට විරුද්ධව මහින්ද රාජපක්ෂ මහත්තයලත් විශාල උද්ඝෝෂණයක් කළා. ඒ උද්ඝෝෂණයේදීත් පසුගිය මැතිවරණ කාලයේදීත් මහින්ද රාජපක්ෂ මහත්තයලා හම්බන්තොට වරාය නැවත පවරා ගන්නවා කීවා. රටේ සම්පත් විකුණන්නේ නැහැ කීවා. ඒ වගේම ලෝකයේ රටවල්වලට මහින්ද රාජපක්ෂ මහත්තයා අනතුරු අඟවමින් කීවේ එක්සත් ජාතික පක්ෂය විකුණන දේවල් ඒ අය බලයට ආවහම නැවත පවරා ගන්නවා කියලා. මෙහෙම පම්පෝරි ගහලා ආපු ආණ්ඩුවත් කොළඹ වරායේ නැගෙනහිර ජැටිය විකුණන්න සියලු සැලසුම් හදලා තියෙන්නේ. ඒ දෙන්නෙත් ඉන්දියාවේ ‘අදානි’ සමාගමටයි.

ආණ්ඩුවට ඡන්දය දීපු ජනතාව බලාපොරොත්තු වුණේ මේකද? මේ ආණ්ඩුව බලයට පත්කරන්න ඡන්දය දීපු අයට වැඩි වගකීමක් තියෙනවා, ආණ්ඩුවේ ජනතා විරෝධී රටට හානිකර ක්‍රියාමාර්ගවලට විරුද්ධව මැදිහත් වෙන්න. කලින් ආණ්ඩු වගේම මේ ආණ්ඩුව අනුගමනය කරන්නේ අපේ රට ණයට කාලා ජීවත්වෙන හිඟන රටක් බවට පත්කිරීමේ ක්‍රියාමාර්ගයි. රුපියල් බිලියන 15,000කට ආසන්න ණය කන්දරාවක් අපේ රට මත තියෙනවා. මේ අවුරුද්දෙත් තව ණය ගන්න ලෑස්තිවෙලා ඉන්නේ. ඒ අතරින් විදේශ ණය විශාල පංගුවක් වී තිබෙනවා. රජයේ සමස්ත ණයවලින් 47%ක් විදේශ ණයයි. මේ ණය ගෙවා ගන්න විශාල අර්බුදයකට ආණ්ඩුව මුහුණදී ඉන්නවා. ඩොලර්වලින් ණය ගෙවන්න ආදායම් උපයන මාර්ග ආණ්ඩුවට නැහැ. දැන් තියෙන මාර්ගත් විදේශ රටවලට දෙන්න හදනවා. ආණ්ඩුව මේ උත්සාහ කරන්නේ ඩොලර් උපයන මාර්ගත් විකුණංකන්නයි. ඩොලර් උපයන මාර්ග දියුණු කර ගන්නවා වෙනුවට තියෙන මාර්ගත් විකුණන්න දේශප්‍රේමිත්වයේ සළුපිළි ගලවාගෙන යනවා.

අපේ රට දියුණු කරනවා නම්, දියුණු කරන්න මොළේ තියන ආණ්ඩුවක් වරායවල් සම්පතක් විදිහට සලකනවා. ලංකාවේ වරාය අධිකාරියට අයිති විශාල නැව් මෙහෙයවන්න පුළුවන් එකම පර්යන්තය නැගෙනහිර පර්යන්තයයි. ඒ පර්යන්තයත් ඉන්දියාවට දෙන්න හදන එක මොනතරම් අපරාධයක්ද? දෙන්න හදන්නෙත් ඉන්දියාව තුළ විශාල විරෝධයකට ලක්වුණු සමාගමකට. කොල්ලකාරී සමාගමක් හැටියට ඒකට ඉන්දියාවේ ගොවීන්ගේ විශාල විරෝධයක් තියෙනවා. අපේ රටේ වටිනා සම්පතක් දියුණු කර ගන්න මේ ආණ්ඩුවට කිසිම ඕනැකමක් නැහැ. කීයක් හරි අතට අරගෙන තියෙන අර්බුදයෙන් මඟහැරලා යන්න උත්සාහ කරනවා. කොළඹ වරාය ආර්ථිකය පැත්තෙන් ගත්තත්, දේශපාලනය පැත්තෙන් ගත්තත්, ආරක්ෂාව පැත්තෙන් ගත්තත් විශාල වැදගත්කමක් තියෙන තැනක්. මේක දුන්නට පස්සේ ලංකාව වටේ වරායවල් කිහිපයක් තිබුණාට රටට එකම වරායක්වත් අයිති නැති තත්වයට පත්වෙනවා. ඒ නිසා මේක සරල කාරණයක් නොවෙයි. මේකට එරෙහිව ලොකු සටනක් තියෙනවා.

මේ වරාය විකිණීමට විරුද්ධව පහුගිය ආණ්ඩුව කාලයේ සේවකයෝ උද්ඝෝෂණය කරනකොට මහින්ද රාජපක්ෂ මහත්තයා සේවකයන්ට පොරොන්දු වුණේ කිසිසේත්ම ඒක නොදෙන බවයි. හැබැයි දැන් ‘අදානි’ සමාගමට දෙන්න කැබිනට් අනුමැතියක් අරගෙන ඊට නැගෙන විරෝධය මඟහරින්න වෙන විවිධ කතා කියනවා. විකුණනවා නොවෙයි ආයෝජන කැඳවන බව කියනවා. හැබැයි වරායේ කොටස්වලින් 49%කුත් පරිපාලනයත් ඉන්දියානු සමාගමට දෙනවා. ඒ අතර කලින් ආණ්ඩුව පටන්ගත් ක්‍රියාවලියක් නිසා අතරමඟ නවත්වන්න බැරි බවක් කියනවා. හැබැයි මේ ආණ්ඩුව බලයට එනකොට කීවේ විකුණපුවත් නැවත ගන්නවා කියලා. ජනතාව රවට්ටලා කොලේ වහලා දීලා දාන්න විවිධ උපක්‍රම යොදනවා. ඉන්දියානු විදේශ ඇමතිවරයා හදිසියේ ලංකාවට ආවෙත් මේ වුවමනාවෙන් කියලා පැහැදිලියි. නැගෙනහිර පර්යන්තයේ වරාය අධිකාරිය සතුව තිබුණු අයිතිය අත්හැරීමක් මෙයින් සිදුවෙනවා. ලංකාව කිසිම වරායක් අයිතියක් නැති රටක් බවට පත්කරන්න මේ හදන්නේ.

ආණ්ඩුවේ මේ ක්‍රියාමාර්ගවලට විරෝධය මතුවෙනකොට මර්දනකාරිත්වය ගේන්නත් උත්සාහයක් තියෙනවා. වරාය සේවකයෝ විරෝධය පළ කරන කොට ආණ්ඩුවේ බලය පාවිච්චි කරලා වරාය අත්‍යාවශ්‍ය සේවාවක් බවට ප්‍රකාශ කළා. වරාය අත්‍යාවශ්‍ය සේවයක් නම් ඒක ඉන්දියාවට දෙන්නේ ඇයි කියලා අපි අහනවා. මේ ආණ්ඩුවට ඡන්දය දීපු වරාය සේවකයන් ඇතුළු විශාල ජනතාවගෙන් අපි අහන්නේ ඔබ දීපු ඡන්දයෙන් බලයට පත්වුණු ආණ්ඩුව රටේ වැදගත් ආයතන විකුණන්න හදනවා. දැන් ඒ ආණ්ඩුවෙන් වරාය රැක ගන්න සිදුවෙලා තියෙනවා. රට රකින්න ආපු ආණ්ඩුවක් වරාය නැගෙනහිර ජැටිය ඉන්දියාවට දෙන්න හදනවා. ඒකට විරුද්ධව උද්ඝෝෂණයක් කරන අය මර්දනය කරන්න අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත්කරනවා. සේවකයෝ හිරේ දාලා, බිය වද්දලා, මර්දනය කරලා දෙන්න හදනවා නම් ඒ ආණ්ඩුව ඉතාම ප්‍රතිගාමියි. හමුදාවේ සභාපතිකමට හිටපු හමුදා ප්‍රධානියෙක් පත්කරලා ආරම්භයේ සිටම ඉන්දියාවට සැලැස්මක ආණ්ඩුව හිටි බව පැහැදිලියි.

ආණ්ඩුව ඉන්දියාවෙන් ණය ගන්න දැනුත් උත්සාහ කරමින් ඉන්නවා. ණය ලබාගන්න නම් අනිවාර්යයෙන්ම මේ වටිනා දේවල් දීලා බිලි පූජා කරන්න වෙනවා. ගරා වැටිච්ච වලව් අතීතයේදී ඉඩම් විකුණුවා, පෙට්ටගම් විකුණුවා, ගෙදර තිබුණු පිත්තල පඩික්කම් දක්වා දේවල් විකුණා කාලා ජීවත් වුණා. රටේ තිබුණු ආණ්ඩු මේ රට එතැනට පත්කරලා අවසානයේ ගත්තොත් රනිල් මහත්තයා අනුගමනය කළ ක්‍රියාමාර්ගම මේ ආණ්ඩුවත් අනුගමනය කරනවා. ඒ නිසා මේ ක්‍රියාමාර්ග පරාජයට පත් කළ යුතුයි. මේක සරලව හිතන්න එපා කියලා අපි ජනතාවගෙන් ඉල්ලනවා. නැගෙනහිර ජැටිය සංවර්ධනය කරගැනීමේ හැකියාව අපිට තියෙන බව වරාය සේවකයෝ කියනවා. එහෙම තියෙද්දිත් ආණ්ඩුව ගෙනයන මේ ක්‍රියාමර්ගවලට එරෙහිව හැමදෙනාම එක්වී විරෝධය දැක්විය යුතුව තියෙනවා. වරාය සේවකයෝ දේශපාලන භේද පැත්තකට දාලා එක පෙරමුණකට ඇවිත් සටන් කිරීම අපට සතුටක්.

ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයක් හැටියට ඒ වෙනුවෙන් කළ හැකි සියලුම මැදිහත්වීම් කරනවා. දැනටමත් ජනතාව දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණ මාලාවක් ආරම්භ කර තිබෙනවා. ඒ වගේම වරාය ඇතුළු අපේ රටේ සම්පත් රැක ගන්න උද්ඝෝෂණ මාලාවක් රට පුරා ගෙනයාමට බලාපොරොත්තු වෙනවා. ඒ උද්ඝෝෂණ මාලාවේ ප්‍රධාන උද්ඝෝෂණයක් 12වැනිදා කොළඹදී කරන්න සැලසුම් කර තිබෙනවා. කොරෝනා නීති රීතිවලට අනුකූලව අපි දැවැන්ත උද්ඝෝෂණයක් කරනවා. ජාතික සම්පත් විකිණීමට එරෙහිව එකාවන්ව පෙළගැසෙන්න කියලා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

 

Post Views: 3
Previous Post

දේශිය ගොවියා ව්‍යවසායකයෙකු බවට පත් කළ හැකියි – ජනාධිපති කාර්ය සාධන බලකායේ සභාපති බැසිල් පවසයි

Next Post

බයිඩ්න්ගේ ජය කොංග්‍රසය තහවුරු කරයි

editor

editor

Next Post

බයිඩ්න්ගේ ජය කොංග්‍රසය තහවුරු කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

14 May 2025
රත්‍රන් මිලට වෙච්ච දේ

රත්‍රන් මිලට වෙච්ච දේ

14 May 2025
කළුතර මුහුදු වෙරළට ආ ආගන්තුකයෝ

කළුතර මුහුදු වෙරළට ආ ආගන්තුකයෝ

14 May 2025
ඉන්දුනීසියාවේ භූ කම්පනයක්

රික්ටර් මාපක 6.1 ක භූ කම්පනයක්

14 May 2025

Recent News

AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

14 May 2025
රත්‍රන් මිලට වෙච්ච දේ

රත්‍රන් මිලට වෙච්ච දේ

14 May 2025
කළුතර මුහුදු වෙරළට ආ ආගන්තුකයෝ

කළුතර මුහුදු වෙරළට ආ ආගන්තුකයෝ

14 May 2025
ඉන්දුනීසියාවේ භූ කම්පනයක්

රික්ටර් මාපක 6.1 ක භූ කම්පනයක්

14 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

14 May 2025
රත්‍රන් මිලට වෙච්ච දේ

රත්‍රන් මිලට වෙච්ච දේ

14 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved