27 April 2024
#විදෙස්

බයිඩ්න්ගේ ජය කොංග්‍රසය තහවුරු කරයි

අමෙරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස ජෝ බයිඩ්න්ගේ ජය අමෙරිකානු කොංග්‍රසය විසින් අද (07) තහවුරු කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ ඡන්ද විද්‍යාල මැතිවරණ ප්‍රතිඵලය සමගනි. එසේම අමෙරිකාවේ උප ජනාධිපති ලෙස කමලා හැරිස්ව පිළිගන්නා බව ද අමෙරිකානු කොංග්‍රසය තහවුරු කළේය.

හිටපු ජනාධිපති ට්‍රම්ප්ගේ සන්නද්ධ ආධාරකරුවන්, සෙනෙට් සභා ගොඩනැගිල්ලට කඩා වැදීමත් සමග නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වීමෙන් අනතරුව මෙම පිළිගැනීම තහවුරු විය.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *