• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජනතා ‍ගැටලු සඳහා පිළියම් සෙවීමට රාජ්‍ය ආයතන කටයුතු කළ යුතුයි – මධ්‍යම පළාත් ආණ්ඩුකාර

24 August 2022
in දේශීය

ආයතන වශයෙන් වෙන් නොවී ජනතා ‍ගැටලු සඳහා පිළියම් සෙවීමට රාජ්‍ය ආයතන කටයුතු කළ යුතු බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ගොහාගොඩ කසල අංගනය සම්බන්ධ‍ ගැටලු සාකච්ඡා කිරීම සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලීය ශ්‍රවණාගාර පරිශ්‍රයේදී ඊයේ (23) පැවැති අවස්ථාවේදිය.

මෙහිදී මහනුවර මහ නගර සභා බල ප්‍රදේශය තුල පවතින ගොහාගොඩ කසල අංගනය කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ අළුත්වත්ත ප්‍රදේශය සදහා විතැන් කරමින්, කසල බැහැර කිරීමෙන් ජනතාව වන අපහසුතාවයන් මග හැරීම සදහා වන ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා වූ අතර, එහිදී අදහස් දක්වමින් පළාත් ආණ්ඩුකාරවරයා සදහන් කර සිටියේ, ආයතන වශයෙන් වෙන් නොවී ජනතා ‍ගැටලු සඳහා පිළියම් සෙවීමට රාජ්‍ය ආයතන කටයුතු කළ යුතු බවයි.
එක් එක් රාජ්‍ය ආයතනයන් ස්වාධීනව කටයුතු කරමින්, අන් ආයතන සිදුකරනු ලබන මහජන සේවාවන් සදහා සහාය නොදක්වන තාක් යහපත් මෙන්ම සඵලදායී කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ස්ථාපිත කිරීමට නොහැකි වනු ඇති බවත් එම මහතා මෙහිදී ප්‍රකාශ කර සිටියේය. වසර ගණනක් මුළුල්ලේ නොවිසදුන ගැටලු රාශියක් තමා පළාත් ආණ්ඩුකාරවරයා වශයෙන් පත්වීමේන් අනතුරුව නිරාකරණය කළ බවත්, ගොහාගොඩ කසල අංගනය සම්බන්ධ ගැටලුවද එවැනිම ගැටලුවක් බවත්, සියලු අංශයන්ගේ සහයෝගයෙන් මෙම ගැටලුව සදහාද සාධනීය විසදුමකට එළඹීමට හැකියාවක් පවතින බවත් එම මහතා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේය.

පාරිසරික පොදු සම්පත් සුරැකීමේ සංවිධානයේ සභාපති පූජ්‍ය අලවත්තේගම විභාවී ස්වාමීන්වහන්සේ, මහනුවර මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති එස්.ආබ්දීන්, කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවේ සභාපති රංජන අක්මීමන,පළාත් ආණ්ඩුකාර ලේකම් ඇන්ටන් තිලකරත්න, හිටපු මධ්‍යම පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති ආණ්ඩුකාර මහජන සම්බන්ධීකරණ නිලධාරී එස්.බී.රත්නායක, පළාත් ප්‍රධාන අමාත්‍යාංශ ලේකම් අජිත් ප්‍රේමසිංහ ඇතුලු රාජ්‍ය නිලධාරීන් පිරිසක් ද මෙම සාකච්ඡාව සදහා එක්විය.

Post Views: 9
Previous Post

ජපාන තානාපති ජනපති හමු වෙයි

Next Post

ආණ්ඩුවේ සමහර මන්ත්‍රීවරුන් මාධ්‍ය සහ අධිකරණය සෙල්ලමට අරන් – විපක්ෂනායක සජිත්

editor

editor

Next Post

ආණ්ඩුවේ සමහර මන්ත්‍රීවරුන් මාධ්‍ය සහ අධිකරණය සෙල්ලමට අරන් - විපක්ෂනායක සජිත්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved