රජයේ ඒකාබද්ධ සේවාවන්ට අයත් නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරු විවිධ හේතූන් මත නිසි පරිදි ක්‍රියාත්මක නොවීම හේතුවෙන් පැන නැඟී ඇති ගැටලු නිරාකරණය කිරීම සඳහා නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. අමාත්‍යාංශ ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ අදාළ නිලධාරීන් විසින් සිදුකර ඇති විමසීම් සැලකිල්ලට ගනිමින් මෙම නව උපදෙස් හා මාර්ගෝපදේශ නිකුත් කර ඇත.
රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් අනුමත කරන ලද ස්ථාන මාරු පටිපාටියට අනුකූලව, ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් වාර්ෂික ස්ථාන මාරු චක්‍රලේඛය නිකුත් කරනු ලබයි. මෙම ක්‍රියාවලිය මගින් නිලධාරීන්ට විවිධ සේවා ස්ථානවල සේවය කරමින් සිය අත්දැකීම් වර්ධනය කර ගැනීමටත්, නිලධාරීන්ගේ අභිප්‍රේරණය ඉහළ නැංවීමටත්, රාජ්‍ය ආයතනවල පවතින සේවා අවශ්‍යතා කාර්යක්ෂමව සපුරාලීමටත් අපේක්ෂා කෙරේ. මෙම නව චක්‍රලේඛය මගින් ඒකාබද්ධ සේවාවන්හි නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරු ක්‍රියාවලියට අදාළ ප්‍රධාන පියවරයන් සහ පිළිපැදිය යුතු මූලධර්මයන් ද පැහැදිලි කර ඇත.
















