• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මහබැංකු අධිපති ධුරයෙන් විශ්‍රාම යනවා… තිළිණ තනතුරු එපා – මහාචාර්ය ලක්ෂමන් කියයි

10 September 2021
in දේශීය

තමා මහබැංකු අධිපති ධුරයෙන් විශ්‍රාම යන බවත් තිළිණ තනතුරු එපා යැයි මහබැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් මහතා පවසයි.

අද (10) මාධ්‍ය හමුවක් කැඳවමින් ඒ මහතා පවසා සිටියේ පක්ෂ දේශපාලනය අනුව ඇතැම් අවස්ථාවලදී කලකිරුණු බවයි. තමාගේ වයස අනුව කුඩා කල සිටම අපේ රට සංවර්ධනය වෙමින් පවතින රටක් යැයි හදුන්වමින් සිටි නමුත් තමා හා තම සමවයස් පිරිස් හැම විටම එයින් ඉදිරියට යාමට කටයුතු කල බව හෙතෙම පැවසිය.

නමුත් එය කිරීමට නොහැකි වු බවත් තම පක්ෂ දේශපාලනය සම්බන්ධයෙන් කලකිරීමක් ඇති බව ද ඔහු පැවසිය. කෙසේ වෙතත් තමාට මෙම තනතුරින් පසුව වෙනත් තනතුරක් ලබා දෙන බව පැවසුවද එය ප්‍රතික්ෂේප කරන බව ඔහු කියා සිටියේය.

කෙසේ වෙතත් රටේ තත්ත්වය මෙම වසර දෙක තුළදී වෙනස් කිරිමට තමා උත්සහා ගත් නමුත් එය නොහැකි වු බව කනගාටුවෙන් පවසන බව මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් මහතා වැඩිදුරටත් පවසා සිටියේය.

1949 අංක 58 දරන මුදල් නීති පනතේ ප්‍රතිපාදනවලට අනුකූල ව, ශ්‍රී ලංකා ප්‍රජාතින්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් 2019 දෙසැම්බර් 24 වනදා ශ්‍රී ලංකා මහ බැංකුවේ 15 වැනි අධිපතිවරයා ලෙස දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් මහතා පත් කරන ලදි.

ශ්‍රී ලංකාවේ කීර්තිමත් ආර්ථික විද්‍යාඥයකු වන මහාචාර්ය ලක්ෂ්මන් මහතා 1994 සිට 1999 දක්වා කොළඹ විශ්වවිද්‍යාලයේ උප කුලපතිවරයා ලෙස ද සේවය කළේ ය.

අධ්‍යාපන ක්ෂේත්‍රයට කළ සේවය වෙනුවෙන් ඔහු 2005 වසරේ දී දේශමාන්‍ය ගෞරව නාමයෙන් ද පිදුම් ලැබී ය.

 

 

Post Views: 9
Previous Post

ජනපති යන විදේශ සමුළුවට අයෝමා රාජපක්ෂ පෞද්ගලික වියදමින් යන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි

Next Post

අමානා තකාෆුල් රක්‍ෂණ සමාගම වසරේ දෙවන කාර්තුවේදීත් අඛණ්ඩ වර්ධන වේගයක් වාර්තා කරයි

editor

editor

Next Post

අමානා තකාෆුල් රක්‍ෂණ සමාගම වසරේ දෙවන කාර්තුවේදීත් අඛණ්ඩ වර්ධන වේගයක් වාර්තා කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved