ග්‍රීන් ඉකෝ ප්ලාන්ටේෂන් (Green Eco Plantation) මව් සමාගම යටතේ ක්‍රියාත්මක වන ග්‍රීන් ඉකෝ ෆුඩ් ප්‍රඩක්ට්ස් (පුද්) සමාගමේ නවතම නිෂ්පාදනාගාරය පසුගියදා (28) කඩුවෙලදී ඉතා උත්කර්ෂවත් අන්දමින් විවෘත විය.
කුළුබඩු සහ පළතුරු ආශ්‍රිත නිෂ්පාදන, නවීන යන්ත්‍රෝපකරණ භාවිතයෙන් සෞඛ්‍යාරක්ෂිතව සහ ගුණාත්මකව ආහාර සැකසුම් (Food Processing Handling) ක්‍රියාවලිය යටතේ ඉතා සාධාරණ මිලකට වෙළෙඳපොළට හඳුන්වාදීම සඳහා මෙම නවීන නිෂ්පාදනාගාරය මෙතැන් පටන් සිය කටයුතු ආරම්භ කරනු ඇත.
දිවයින පුරා විහිදුණු අක්කර සිය ගණනක් වූ සමාගමට අයත් වතුවල අස්වැන්න මෙන්ම ගොවීන්ගෙන් ඉතා සාධාරණ මිලකට ලබා ගන්නා උසස්ම තත්ත්වයේ අමුද්‍රව්‍ය යොදා ගනිමින්, එහි නැවුම් බව සුරැකෙන අයුරින් පාරිභෝගිකයා අතට සිය නිෂ්පාදන පත්කිරීම මෙම නව කර්මාන්තශාලාවේ මූලික අරමුණ වූ බව ග්‍රීන් ඉකෝ ප්ලාන්ටේෂන් හි සභාපති සනත් චන්ද්‍රසිරි මහතා පැවසීය.
සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී චන්දන උපුල් මහතා කියා සිටියේ, තම සමාගමේ විශ්වාසය වනුයේ කෘෂිකර්මාන්තයේ අනාගතය වෙනුවෙන් වටිනාකම් එකතු කිරීම, නවෝත්පාදනය සහ අනාගත පරම්පරාව සඳහා අවස්ථාවන් නිර්මාණය කරදීම බවයි.
නව කර්මාන්තශාලාව විවෘත කිරීමේ අවස්ථාව සඳහා ග්‍රීන් ඉකෝ ප්ලාන්ටේෂන් සමාගමේ සභාපති සනත් චන්ද්‍රසිරි මහතා සහ එම මැතිනිය, ප්‍රධාන විධායක නිලධාරී චන්දන උපුල්, ආහාර උපදේශක අමල් වාදසිංහ, ජ්‍යෙෂ්ඨ කර්මාන්තශාලා කළමනාකාර සනත් ගුණවර්ධන, නීතිඥ උදාන බණ්ඩාර, දේපොළ වෙළඳාම් කළමනාකාර නන්දන ගුණතිලක, සහකාර සාමාන්‍යධිකාරී (ආයෝජන) කේ.පී. ජයසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු සේවක සේවිකාවන් විශාල පිරිසක් එක්ව සිටියහ. හරිත ශ්‍රී ලංකාවක් වෙනුවෙන් කැපවී කටයුතු කරන ග්‍රීන් ඉකෝ ප්ලාන්ටේෂන් සමාගම වසර ගණනාවක් තිස්සේ දෙස් විදෙස් පාරිභෝගික විශ්වාසය දිනාගත් ප්‍රමුඛ සමාගමකි.
















