අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම අද (14) කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණ ආරච්චි මහතා විසින් මෙම රැස්වීම සංවිධානය කර තිබුණි.කොළඹ දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘතිවල පවතින ගැටලු සහ ඒවාට ලබාදිය යුතු විසඳුම් පිළිබඳව මෙම රැස්වීමේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. එමෙන්ම, ‘රටම එකට’ ජාතික මෙහෙයුමේ වත්මන් ප්‍රගතිය සහ ඉදිරි සැලසුම් පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානයක් යොමු විය. මෙම අවස්ථාව සඳහා නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ජනතා නියෝජිතයින් පිරිසක් එක්ව සිටියහ.














