අධික වර්ෂාව හේතුවෙන් හැටන් – කොළඹ ප්රධාන මාර්ගයේ කුයිල්වත්ත ප්රදේශයෙන් මාර්ගයට පස් කන්දක් කඩා වැටී ඇති බව වාර්තා කරයි.
අද (24) පස්වරුවේ සිදුවූ බව සඳහන් මෙම පස් කන්ද කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයේ රථවාහන ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව හැටන් පොලීසිය සඳහන් කර තිබේ.
මාර්ගයට කඩා වැටුණු පස් කන්ද කඩිනමින් ඉවත් කිරීමට නෝර්වුඩ් මාර්ග සංවර්ධන අධිකාරි කාර්යාලය කටයුතු කරමින් සිටින බවද වාර්තා වේ.
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ එම මාර්ගය භාවිත කරන රියදුරන්ට සහ මගීන්ට අවධානයෙන් ගමන් කරන ලෙස දැනුම් දී තිබේ.
















