හැටන් මහජන පොළ භූමියේ පදික වේදිකාව අවහිර කරමින් අනවසරයෙන් ඉදිකර තිබූ වෙළෙඳසැල් ඉවත් කිරීමට ගිය හැටන් දික්ඔය නගර සභාවේ නිලධාරීන් සහ වෙළෙඳුන් අතර අද (20) දැඩි උණුසුම් තත්වයක් ඇති වී තිබේ. නගර සභාව විසින් මීට පෙර ලබාදුන් දැනුම්දීම් නොතකා වෙළඳසැල්වලින් එපිටට රාක්ක ගසා වෙළඳාම් කිරීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.
මෙම ඉවත්කිරීම්වලට එරෙහිව වෙළෙඳුන් නගර සභාවේ විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ද සහයෝගය ඇතිව විරෝධය පළ කළ අතර, හැටන් නගරයේ අනෙකුත් එවැනි ඉදිකිරීම් ද ඉවත් කරන ලෙසත් තමන් පමණක් ඉලක්ක කිරීම යුක්ති සහගත නොවන බවත් ඔවුහු පෙන්වා දුන්හ. කෙසේ වෙතත්, විරෝධතා මධ්‍යයේ වුවද නගර සභා නිලධාරීන් විසින් ඇතැම් වෙළෙඳසැල්වල අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට කටයුතු කර තිබේ.
















