හැටන් නගරයේ ප්‍රධාන වීදියේ ආපනශාලාවක තෝසේ ආහාරයට ගත් පාරිභෝගිකයෙකුගේ ව්‍යංජනවල කැරපොත්තෙකු සිටිම සම්බන්ධයෙන් එම ආපනශාලා හිමියාට රුපියල් 50,000ක දඩයක් ගෙවන ලෙස හැටන් දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් පීටර් පෝල් මහතා අද (08) නියෝග කළේය.
මෙම සිදුවීම සම්බන්ධයෙන් අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් එම ආපනශාලා හිමියා හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබූ අතර, එහිදී ඔහු වරද පිළිගත්තේය.
දඩ මුදල නියම කිරීමත් සමඟ ආපනශාලාවේ පවතින අඩුපාඩුකම් සපුරා, එම ස්ථානය නැවතත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණයට යොමු කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා ආපනශාලා හිමියාට නියෝග කළේය.
අගතියට පත් පාරිභෝගිකයා තමන් ආහාරයට ගත් තෝසේ ව්‍යංජනයේ කැරපොත්තෙකු සිටින බව ජංගම දුරකථනයෙන් පටිගත කර සමාජ මාධ්‍ය වෙත මුදාහැරීමෙන් අනතුරුව, අඹගමුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් එම ආපනශාලාව පරික්ෂා කර නීතිමය පියවර ගෙන තිබුණි.
















