ශ්‍රී ලංකාවේ දකුණු වෙරළ තීරයේ ජනප්‍රිය සංචාරක නිකේතනයක් වන හිරිකැටිය ප්‍රදේශයේ මෑතකදී ආරම්භ කරන ලද ‘චබාද් මධ්‍යස්ථානයක්’ (Chabad House) වහාම ඉවත් කරන ලෙස ඉල්ලා ප්‍රදේශවාසීන් සහ බෞද්ධ භික්ෂූන් වහන්සේ පිරිසක් විරෝධතාවක නිරත වී තිබේ.
මෙම මධ්‍යස්ථානය කිසිදු නිසි අවසරයකින් තොරව පවත්වාගෙන යමින් ප්‍රදේශයේ සාමයට සහ සංස්කෘතියට බාධා පමුණුවන බවට විරෝධතාකරුවෝ චෝදනා කරති. මීට මාසයකට පමණ පෙර මෙම මධ්‍යස්ථානය විවෘත කර ඇති අතර, මෙහි නීත්‍යානුකූලභාවය පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වන ලෙසත්, අවශ්‍ය අවසරපත්‍ර නොමැති නම් එය ඉවත් කිරීමට කඩිනමින් පියවර ගන්න ලෙසත් ඔවුහු අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.














