ඩුබායිහිදී අත්අඩංගුවට ගත් ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන “ශිරාන් බාසික්” නමැත්තා අද (අගෝස්තු 14) දින දිවයිනට රැගෙන ඒමට නියමිතව තිබේ.
පසුගිය මැයි මස 26 වන දින ඩුබායි පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද මොහු, ඩුබායිහි ධන කුවේරයෙකු ලෙස සැඟව සිට ඇත. ඉරාන මත්ද්‍රව්‍ය ජාලය සමඟ සෘජු සබඳතා පැවැත්වීම හේතුවෙන් මොහු ඇමරිකාවට පවා අවශ්‍යව සිටින පුද්ගලයෙකු වන අතර, මෙරටට මත්ද්‍රව්‍ය සැපයෙන ප්‍රධාන පෙළේ මහා පරිමාණ ජාවාරම්කරුවන් 5 දෙනාගෙන් අයෙකු ලෙසද සැළකේ.














