ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ මූල්‍ය ආයතනයක් වන HNB FINANCE PLC, 2026 හොඳම කළමනාකරණ ක්‍රමවේදයන් සහිත සමාගම් ඇගයීමේ සම්මාන උළෙලේදී (Best Management Practices Company Awards) ගෞරවනීය සම්මාන ද්විත්වයකින් පිදුම් ලැබීමට සමත් විය. ශ්‍රී ලංකා වරලත් වෘත්තීය කළමනාකරුවන්ගේ ආයතනය (CPM ශ්‍රී ලංකා) මගින් සංවිධානය කරන ලද මෙම උළෙල මොනාක් ඉම්පීරියල් පරිශ්‍රයේදී පැවැත්වුණු අතර, එය HNB FINANCE සමාගම මෙම සම්මාන උළෙලකදී ජයග්‍රහණ අත්කරගත් පළමු අවස්ථාව ලෙස ඉතිහාසයට එක්විය.
එහිදී පෞද්ගලික අංශයේ මූල්‍ය හා ලීසිං ක්ෂේත්‍රයේ ජයග්‍රාහකයා බවට පත්වීමට HNB FINANCE සමත් වූ අතර, 2026 වසරේ විශිෂ්ටතම කළමනාකරණ භාවිතයන් සහිත සමාගම් 40 අතරට තේරී පත්වීමට ද එම සමාගම සමත් විය. උපායමාර්ගික නායකත්වය සහ ඉහළ වෘත්තීය ප්‍රමිතීන් ඇගයීම මෙම සම්මාන උළෙලේ ප්‍රධාන අරමුණයි. මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ චමින්ද ප්‍රභාත් මහතා ප්‍රකාශ කළේ, තම ආයතනය වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා භාවිතා කළ නව්‍ය කළමනාකරණ ක්‍රමවේදවල සාර්ථකත්වය මෙම ඇගයීම හරහා මනාව පිළිබිඹු වන බවයි.













