අද (13) අලුයම් කාලයේදී හෝමාගම පිටිපන, කිරිබේරියකැලේ ප්‍රදේශය හරහා හමාගිය දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් නිවාස 52කට පමණ බරපතළ හානි සිදුව ඇති බව හෝමාගම ප්‍රාදේශීය ලේකම් බී.ඒ.ඩී. චින්තක මහතා පවසයි.
සුළං තත්ත්වය හේතුවෙන් හෝමාගම, පිටිපන කිරිබේරියකැලේ, පන්සල හන්දිය සහ මෛත්‍රිදාස මාවත ඇතුළු ප්‍රදේශ කිහිපයකම නිවාසවල වහලයන් ගැලවී ගොස් සහ ගස් කඩා වැටීමෙන් දේපළ හානි සිදුව ඇත.
දැඩි සුළඟ සමඟ පතිත වූ වර්ෂාව හේතුවෙන් ජනජීවිතයට දැඩි බලපෑම් එල්ල වී ඇති අතර, හානියට පත් නිවාස සහ පුද්ගලයින් පිළිබඳව වැඩිදුර තොරතුරු සහ සහන සැලසීමේ කටයුතු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අධීක්ෂණය යටතේ මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතී.
















