පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ හිටපු අංශාධිපති මහාචාර්ය මහින්ද හේරත් විසින් සිදුකළ පැමිණිල්ලකට අදාළව 2026 ජූලි මස 14 වන දින එම කොමිසම හමුවේ පෙනී සිට කරුණු දක්වන මෙන් මානව හිමිකම් කොමිසම විසින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති වෙත දැනුම්දීමක් සිදුකර තිබේ. විශ්වවිද්‍යාලයේ නිලධාරීන් කිහිපදෙනෙකු විසින් ඔවුන්ගේ නිල බලය ඉක්මවා සිදුකර ඇති ක්‍රියාවන් හේතුවෙන් තම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී තිබෙන බවට මෙම පැමිණිල්ල මගින් කියා සිට ඇත.
















