ශ්‍රී ලංකා රේගුව විසින් ඉකුත් ජූනි මාසය සඳහා පනවා තිබූ ආදායම් ඉලක්කය අභිබවා යමින් රුපියල් බිලියන 225.2ක අතිවිශාල ආදායමක් උපයා ගැනීමට සමත්ව තිබේ.
ජූනි මාසය සඳහා රේගුව වෙත පනවා තිබූ නිල ආදායම් ඉලක්කය රුපියල් බිලියන 184.8ක් වූ අතර, එම ඉලක්කය ඉතා විශිෂ්ට ලෙස අභිබවා යමින් මෙම ආදායම වාර්තා කර ගැනීම මෙරට ආර්ථිකයට ඉතා වැදගත් ශක්තියක් වනු ඇත. රේගු දෙපාර්තමේන්තුවේ කාර්යක්ෂමතාව සහ මෙහෙයුම් ක්‍රියාවලිය සාර්ථක වීම මෙයට ප්‍රධාන හේතුව බව පැවසේ.
















