• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අරගලයේ නියුතු තරුණ තරුණියන් දඩයම් කිරීම වහාම නැවැත්විය යුතුයි – ජවිපෙ

29 July 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

සාමකාමී අරගලයේ නියුතු තරුණ තරුණියන් දඩයම් කිරීම වහාම නැවැත්විය යුතු බවත් ආර්ථිකය විනාශ කළ හොර තක්කඩි දැන් ජනතාව බිය වැද්දීමේ බියගුලු ක්‍රියා වහාම නැවැත්විය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පවසයි.

ඒ මහතා අද (29) පැවැති මාධ්‍ය හමුවේදී මෙසේ අදහස් පල කල සිටියේය ” රනිල් – රාජපක්ෂ ජනතා ප්‍රශ්නවලට පිළිතුරු නොදී ජනතාව වෙනුවෙන් හඬ නඟන කණ්ඩායම් මර්දනය කරන්න දිගින් දිගටම ක්‍රියා කරනවා. ආණ්ඩුවේ මේ ක්‍රියාව වහාම නතර කරන ලෙස අපි බලපෑම් කරනවා. අපේ රට තුළ බරපතළ ආර්ථික අර්බුදයක් ඇති වී ඩොලර් බිලියන 52ක ණය කන්දක් ජනතාව මත ගොඩගැසී තිබෙනවා. මේ අවුරුද්දේ ගෙවන්න තිබුණු ඩොලර් බිලියන 7ක ණය වාරිකය තුළ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ගෙවීම නතර කර තිබෙනවා.

රට තුළ උද්ධමනය 60% ඉක්මවා ගිහින්. ආහාර උද්ධමනය ඊට වඩා තවත් වැඩියි. ගෑස්, ඉන්ධන සහ අනිකුත් අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟය තවමත් අවසන් නැහැ. පොහොර හිඟය, ඖෂධ හිඟය, රෝගීන් ප්‍රවාහනයට පවා තෙල් නැති වීම, සහ දරු ප්‍රසූතියට ගෙන යා නොහැකි වීමෙන් දෙදෙනාම මිය යාම වැනි බරපතළ ගැටලු රාශියක් ඇති වී තිබෙනවා. වත්මන් ජනාධිපති හෝ මේ සමාජ ආර්ථික දැවෙන ප්‍රශ්න විසඳන්න කිසිම සැලසුමක් නැහැ. ලක්ෂ හතරකට ආසන්න ප්‍රමාණයක් දවසකට ඉන්ධන පෝලිම්වල ඉන්නවා. දවසක වැටුප රුපියල් දහසක් කියා සිතුවොත් අඩුම වශයෙන් කෝටි 40ක මිනිස් ශ්‍රම පැය විනාශ වී යනවා. දරුවන්ගේ අධ්‍යාපනයට පාසල් හරියට පවත්වාගෙන යන්නේ නැහැ. ඔන්ලයින් අසාර්ථක බව වත්මන් අධ්‍යාපන ඇමතිවරයා මෙයට පෙර ප්‍රකාශ කර තිබෙනවා.

රටපුරාම සිටින ජනතාව තමන්ගේ අයිතීන් වෙනුවෙන්, ජීවත්වීමේ අයිතිය වෙනුවෙන් පාරට බැහැලා උද්ඝෝෂණ කළා. රටපුරා උද්ඝෝෂණවල සංකේතාත්මක හඬ ගෝල්ෆේස් පිටියේ ඉතාමත් සෞන්දර්යාත්මකව ආදරයේ අරගලයක් හැටියට විවිධ ජන කොටස් සහභාගී වී පවත්වාගෙන ගියා. එදා සාමකාමී, ප්‍රජාතන්ත්‍රවාදී ආදරයේ අරගලය රාජපක්ෂ මැර කල්ලියේ ප්‍රහාරයෙන් මැයි 09 වැනිදා චප්ප කර දැම්මා.

පොලිසිය බලාගෙන සිටියදී රාජ්‍ය බලය පාවිච්චි කරලා, මිලියන සංඛ්‍යාත ජනකායක් සජීවීව බලා සිටියදී ආදරයේ අරගලයට ප්‍රචණ්ඩත්වය මුදාහැරි රාජ්‍ය ත්‍රස්තවාදය නීතිය හමුවට ගෙන ආවේ නැහැ. සිවිල් සංවිධාන හරහා මානව හිමිකම් සංවිධාන මැදිහත් වීමෙන් ත්‍රස්තවාදය මුදාහළ තුන් හතර දෙනෙක් නීතිය හමුවට ගෙනැවිත් මහ මොළකරුවන් මුදාහැරියා. මේ තුළින් අරගලය වෙනස් දිසාවකට පත්වෙමින් උත්සන්න වී මිලියන ගණන් ජනතාව එකතු වුණා. පාලකයන් පළවා හරින තත්වයටම ජූලි 09වැනිදා ශක්තිමත්ව ඉදිරියට ආවා. ගෝඨාභය රාජපක්ෂ පළවා හැරීමෙන් පසුව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා බවට පාර්ලිමේන්තුවෙන් පත් වුණා. මේ රනිල්-රාජපක්ෂ තමන්ට බලයට එන්න රැකරවණය දුන් රාජපක්ෂ කල්ලිය ආරක්ෂා කිරීමට හදිසි නීතිය පනවලා මර්දනකාරී ක්‍රියා පිළිවෙතක් අනුගමනය කළා. ගෝල්ෆේස් අරගලයේ නියුතු අයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා. ජනතාවගේ ඇත්ත ප්‍රශ්න වෙනුවෙන් කථා කරන අය දඩයම් කිරීම පිළිබඳව මානසික භීතියක් රටපුරාම ඇති කරනවා. පොලිස් වාර්තාවක් ගන්න බැහැ, රැකියාවක් ගන්න බැහැ, අනාගතය අඳුරු වෙනවා ආදී වශයෙන් ආණ්ඩුවේ ඇමතිවරු පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කළා. අරගල කරන තරුණ තරුණියන්ට ත්‍රස්තවාදී ලේබලය ඇලවූවා.

ගෑස් පෝලිමේ, තෙල් පෝලිමේ, වෙනත් ද්‍රව්‍ය පෝලිම්වල ඉන්න පොහොර ඉල්ලන අය ත්‍රස්තවාදීන්ද? හමුදා පොලිසිය නැතිව ඔබ පෝලිම් ළඟ විනාඩි පහක් ඉන්නා ලෙස අපි ඇමතිවරුන්ට අභියෝග කරනවා. තෙල් පෝලිම්වල දවස් ගණන් නිදි මරාගෙන, කන්න නැතිව ඉන්නේ ත්‍රස්තවාදීන්ද? ඒ ජනතාව ඇමතිවරුන්ට විරෝධය පෑම ත්‍රස්තවාදීන් ලෙස ලේබල් කිරීම යුක්තිසහගතද? එවැනි අරගල කරන අය, ඇත්ත ජනතා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින අය, මානසිකව බිය වැද්දීමේ උපක්‍රම දියත් කර තිබෙනවා.

2015 දී අගමැති හැටියට රනිල් වික්‍රමසිංහ යටතට මහ බැංකුව ලබාගෙන සිංගප්පූරු ජාතික අර්ජුන් මහේන්ද්‍රන්ව ගෙන්වා මහ බැංකු අධිපති හැටියට පත්කළා. මහ බැංකු කොල්ලයේ ප්‍රධාන චූදිතයා අර්ජුන් මහේන්ද්‍රන්. මහ මොළකරු රනිල් වික්‍රමසිංහ. අපි පාර්ලිමේන්තුවේ දිගින් දිගටම ප්‍රශ්න කිරීමේදී රනිල් උත්තර දුන්නේ අර්ජුන් මහේන්ද්‍රන් විවාහ මංගල්‍යයකට රටින් බැහැරව සිටින බවත්, තමන් ඇප වී ඔහු ගෙනත් දෙන බවත්, ප්‍රකාශ කරමින්. අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපති ධුරයෙන් ඉවත්කර පරීක්ෂණ පවත්වන ලෙස අපි බලපෑම් කළා. මේ රටේ ආර්ථිකය දැන් කඩා වැටී තිබෙන්නේ ඒ විනාශයන්ගේ ප්‍රතිඵල හැටියට. තෙල් පෝලිම්වල මිනිස්සු මැරෙන්නේ ආර්ථිකය කඩා වැට්ටීමේ ප්‍රතිවිපාක විදිහට.

ජනතාවගේ මේ ප්‍රශ්න වෙනුවෙන් ගෝල්ෆේස් පිටියට ඇවිත් තරුණ තරුණියෝ සටන් කරනවා. හොර නායකයින් රටේ ජනාධිපති ධුරය දරන විට, හොරකම් කළ අය ඇමති මණ්ඩලයට පත්වී විධායකය මෙහෙය වන විට තරුණ තරුණියෝ ඊට විරුද්ධව සාමකාමී අරගලයක් කරනවා. ඒ අරගලය මර්දනය කරන්න රනිල්-රාජපක්ෂ විවිධ ක්‍රියාමාර්ග ගන්නවා.

මේ වන විට තරුණ තරුණියන් 18දෙනෙකු රටින් බැහැර වීම අත්හිටුවීමේ අධිකරණ නියෝග අරගෙන තිබෙනවා. ඔවුන් ආදරයේ අරගලය ගෙන ගිය අයයි. මහ බැංකුව කොල්ල කන්න ක්‍රියා කළ අජිත නිවාඞ් කබ්රාල්ට රටින් බැහැර වීම තහනම් කිරීමේ නියෝග අධිකරණයෙන් ලබාගත්තේ සාමාන්‍ය ජනතාව මැදිහත් වීමෙන්. අර්ජුන් මහේන්ද්‍රන් සම්බන්ධයෙන් කෝප් කමිටුව වසර ගණනක් පරීක්ෂණ පවත්වා වාර්තා අරගෙන ක්‍රියා කරන්න සිදුවුණා. රාජපක්ෂ පවුලේ ඥාතියෙක් වන, ජාලිය වික්‍රමසිංහ ලංකාවේ අධිකරණමය ක්‍රියාමාර්ග තිබියදී රටින් පැන්නා. අපරාධකරුවන්ට සලකන්නේ ඒ විදිහට. අද කැබිනට් මණ්ඩලයේ මුල් පුටුවේ ඉන්නේ මහ බැංකු මංකොල්ලයේ මහ මොළකරු. මිලියන 62ක් කප්පම් ගත්ත බවට මහාධිකරණයේ ඔප්පු වුණු පුද්ගලයන් අමාත්‍ය ධුර දරනවා. මේ තක්කඩි ටික කැබිනට් එක අල්ලාගෙන ඉන්න අතර, ඊට විරුද්ධව අරගල කරන යුක්තිගරුක සාධාරණ තරුණ තරුණියන්ව ත්‍රස්තවාදීන් ලෙස ලේබල් කර, රටින් බැහැර වීම තහනම් නියෝග ගන්නවා.

ජනතාවට අද අවශ්‍ය වෙන්නේ යුක්තිය සහ සාධාරණත්වය. නීතිය අවශ්‍ය වන්නේ ජනතාවට යුක්තිය ඉටුකරන්න. නමුත් අද ක්‍රියාත්මක වෙන්නේ හොරුන්ව රකින ප්‍රතිපත්තියක්. මේ ආණ්ඩුවේම ඇමතිවරයෙක් රට බංකොලොත් වී තිබියදී කටුනායක ව්‍යාපෘතියෙන් මිලියන ගණනක කොමිස් ඉල්ලා තිබුණා. තමන්ගේ හොර මැරකම් තක්කඩිකම් වහගන්න හදන්නේ ජනතාව බිය වැද්දීමෙන්. යුක්තිය සාධාරණය වෙනුවෙන් අරගල කරන තරුණ තරුණියන්ව බිය වැද්දීම, මර්දනය කිරීම, වහාම නතර කළ යුතුයි. ඉතිහාසයේ 71, 88-89, මර්දනය කළා වගේ දේශපාලන ව්‍යාපාරයක් සහ ආණ්ඩුවක් අතර ගැටීමක් නොවෙයි අද තිබෙන්නේ. ආණ්ඩුවක් සහ සමස්ථ ජනතාවක් අතර ගැටුමක්. යූ.එන්.පී. ශ්‍රී ලංකා, ජේ.වී.පී. දෙමළ කොංග්‍රස්, මුස්ලිම් කොංග්‍රස්, සිංහල, දෙමළ, මුස්ලිම්, මැලේ සියලු ජනතාව පෝලිම්වල දුක් විඳිනවා. කන්න නැතිව ඉන්නවා. ඉස්පිරිතාලවල බෙහෙත් නැතිව ඉන්නවා. එහෙම ජනතාවක් එක්ක ආණ්ඩුව හැප්පෙන්නේ. එහෙම ජනතාවකගේ අයිතිවාසිකම් බියගුලු, බිය වැද්දීමේ මර්දනයකින් යටපත් කරන්න බැහැ. ආර්ථිකය විනාශ කළ හොර තක්කඩි කැබිනට් එකට පත්කරගෙන ජනතාව බිය වැද්දීමේ බියගුලු ක්‍රියා වහාම නතර කළ යුතුයි. රනිල්-රාජපක්ෂගේ බිය වැද්දීමේ මානසික යුද්ධය නැවැත් විය යුතුයි. රාජපක්ෂලා සතුටු කරන්න ගෙනයන මේ ක්‍රියාමාර්ග නිසා ජාත්‍යන්තර වශයෙන් ප්‍රබල විරෝධයක් එල්ලවෙමින් තිබෙනවා. රනිල්-රාජපක්ෂට ජාත්‍යන්තරය සතුටු කිරීමත් රාජපක්ෂලා සතුටු කිරීමත් දෙකම එකවර කරන්න බැහැ. රාජපක්ෂ හෙංචයියලා සතුටු කරන්න ගියාම ජාත්‍යන්තරය තරහා වෙනවා. ජාත්‍යන්තරය තරහා වුණාම ණය ප්‍රතිව්‍යුහගත කිරීම් ඇතුළු සියල්ල අඩපණ වෙනවා. ණය ලබාගැනීමේ පහසුකම් අහිමි වෙනවා.

රනිල්-රාජපක්ෂ ආණ්ඩුව ගෙනයන බිය වැද්දීමේ බියගුලු ක්‍රියාමාර්ග ලැජ්ජා සහගත ක්‍රියාමාර්ග වහා නතර කළ යුතුයි. සාමකාමී අරගලයේ නියුතු තරුණ තරුණියන් දඩයම් කිරීම වහාම නැවැත්විය යුතුයි. ගෑස් ප්‍රශ්නය, තෙල් ප්‍රශ්නය, ඉස්පිරිතාලේ බෙහෙත් ප්‍රශ්නය, ගොවියාගේ පොහොර ප්‍රශ්නය වහාම විසඳීමෙන් පමණක් ජනතා අරගල නැවැත් විය හැකියි. නමුත් මර්දනයෙන්, බලහත්කාරයෙන් නවත්වන්න බැහැ. බලහත්කාරයට විරුද්ධව ජනතාව තවත් සංවිධානය වී ඉදිරියට එනවා. එයින් දේශපාලන අර්බුදය තවත් දිග්ගැස්සෙනවා. දේශපාලන අර්බුදය දිග්ගැස්සෙන කොට, ආර්ථික අර්බුදයට උත්තර සොයන්න බැහැ. දේශපාලන සහ ආර්ථික අර්බුදයට උත්තර සොයන්න නම්, ජනතාව බිය වැද්දීම සහ මර්දනය නවත්වා ඇත්ත ප්‍රශ්නවලට වහාම උත්තර දිය යුතුයි. ජනතාවගේ ජීවත්වීමේ අයිතිය වහාම සාක්ෂාත් කරන ලෙස අපි ආණ්ඩුවට බලකරනවා. අරගලය නැවැත්වීමට තිබෙන එකම උත්තරය ඒක විතරයි. යැයි විජිත හේරත් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 

Post Views: 8
Previous Post

දේශපාලන සූදු එපා … ස්ථාවර ජනවරමකට අවස්ථාව දෙන්න- විපක්ෂනායක සජිත්

Next Post

සර්ව පාක්ෂික ආණ්ඩුවක් වෙනුවෙන් එක්වන්නැයි ජනපති සියළුම මන්ත්‍රීවරුන්ට ආරාධනා කරයි

editor

editor

Next Post

සර්ව පාක්ෂික ආණ්ඩුවක් වෙනුවෙන් එක්වන්නැයි ජනපති සියළුම මන්ත්‍රීවරුන්ට ආරාධනා කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්දුනීසියාවේ භූ කම්පනයක්

රික්ටර් මාපක 6.1 ක භූ කම්පනයක්

14 May 2025
ඩේටා දන්සැල් නමින් ජාවාරමක් – පොලිසියෙන් අනතුරු අඟවයි‍

ඩේටා දන්සැල් නමින් ජාවාරමක් – පොලිසියෙන් අනතුරු අඟවයි‍

14 May 2025
අදත් බස් රථ අනතුරක්

අදත් බස් රථ අනතුරක්

14 May 2025
අද කාලගුණ නිවේදනය

අද කාලගුණ නිවේදනය

14 May 2025

Recent News

ඉන්දුනීසියාවේ භූ කම්පනයක්

රික්ටර් මාපක 6.1 ක භූ කම්පනයක්

14 May 2025
ඩේටා දන්සැල් නමින් ජාවාරමක් – පොලිසියෙන් අනතුරු අඟවයි‍

ඩේටා දන්සැල් නමින් ජාවාරමක් – පොලිසියෙන් අනතුරු අඟවයි‍

14 May 2025
අදත් බස් රථ අනතුරක්

අදත් බස් රථ අනතුරක්

14 May 2025
අද කාලගුණ නිවේදනය

අද කාලගුණ නිවේදනය

14 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්දුනීසියාවේ භූ කම්පනයක්

රික්ටර් මාපක 6.1 ක භූ කම්පනයක්

14 May 2025
ඩේටා දන්සැල් නමින් ජාවාරමක් – පොලිසියෙන් අනතුරු අඟවයි‍

ඩේටා දන්සැල් නමින් ජාවාරමක් – පොලිසියෙන් අනතුරු අඟවයි‍

14 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved