• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් වීම පිළිබඳව විශ්වාසයි – ජපානයේ විදෙස් ඇමැති

4 May 2024
in දේශීය, පුවත්
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් වීම පිළිබඳව විශ්වාසයි – ජපානයේ විදෙස් ඇමැති

දැඩි ආර්ථික පසුබෑමකට මුහුණ දීමෙන් පසු ශ්‍රී ලංකාව සතුටුදායක ආරම්භක ප්‍රකෘතිමත් භාවයක් ලබා ඇති බැවින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් වීම පිළිබඳ ව ජපානය දැඩි විශ්වාසයකින් පසු වන බව ජපානයේ විදේශ අමාත්‍ය කමිකවා යොකෝ (Kamikawa Yoko) පවසයි.

අමාත්‍යවරිය මේ බව පැවසුවේ අද (04) කොළඹ, අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවූ අවස්ථාවේ දී ය.

ජපාන රජය විසින් සම සභාපතිත්වය දරන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF), පැරිස් සමාජය සහ ඉන්දියාව, ප්‍රංශය සහ අනෙකුත් ආධාර සපයන රටවල සහය ඇති ව සිදු කෙරෙන ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ ප්‍රගතිය පිළිබඳව අග්‍රාමාත්‍යවරයා සංචාරයෙහි නිරත ජපාන විදේශ අමාත්‍යවරිය දැනුවත් කළේ ය.

අඩු ආදායම්ලාභී සහ අවදානමට ලක් විය හැකි කොටස්වලට සහාය වීම සහ නඟා සිටුවීම සඳහා ඇස්වැසුම වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද අග්‍රාමාත්‍යවරයා මෙහිදී පැහැදිලි කළේය.

අමාත්‍ය කමිකවා යොකෝ (Kamikawa Yoko) ලබා ඇති ප්‍රගතිය අගය කළ අතර, චීනය සහ පෞද්ගලික ණය දෙන්නන් සමඟ ද ශ්‍රී ලංකාව ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු කඩිනම් කරනු ඇතැයි ජපානය අපේක්ෂා කරන බව පැවසී ය.

යෝජිත අනුරාධපුර මහාවිහාර විශ්වවිද්‍යාලය ඇතුළු බෞද්ධ ආගමික මධ්‍යස්ථාන සඳහා ලබාදෙන ආධාර සම්බන්ධයෙන් ජපානයට ස්තූතිය පළ කළ අග්‍රාමාත්‍යවරයා, බෞද්ධ දින දර්ශනයේ වඩාත් පූජනීය කාලය වන වෙසක් මාසයේ දී ජපාන අමාත්‍යවරිය ශ්‍රී ලංකාවට පැමිණීම විශේෂත්වයක් බව පැවසී ය.

විදේශ කටයුතු අමාත්‍ය කමිකවා යොකෝ (Kamikawa Yoko) සමඟ ජපාන විදේශ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂි හිදෙකි (Mizukoshi Hideaki) මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය.
රාජ්‍ය අමාත්‍යවරුන් වන තාරක බාලසූරිය, සුරේන් රාඝවන්, පියල් නිශාන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් හර්ෂ විජේවර්ධන සහ කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එච්. ඩී. කරුණාරත්න යන මහත්වරු ද මෙම හමුවට එක් ව සිටිය හ.

Post Views: 11,277
Previous Post

ප්‍රජා උපදේශක කමිටු පත් කරන්නේ ඡන්දය වෙනුවෙන් බව විපක්ෂනායකවරයාගෙන් අනාවරණයක්

Next Post

ජනපති රනිල්ගේ මුත්තා මෙරට මුල්ම ඉඩම් කොමසාරිවරයා බව මන්ත්‍රී වජිර‌ කියයි

editor ttvnews

editor ttvnews

Next Post
ජනපති රනිල්ගේ මුත්තා මෙරට මුල්ම ඉඩම් කොමසාරිවරයා බව මන්ත්‍රී වජිර‌ කියයි

ජනපති රනිල්ගේ මුත්තා මෙරට මුල්ම ඉඩම් කොමසාරිවරයා බව මන්ත්‍රී වජිර‌ කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved