තමා පැජන්ඩාවලින් වලින් මුදල් හම්බ කරන්නේ නැති බවත් තමාගේ වෘත්තියම වශයෙන් සිදු කරන දේවලින් පමණක් තමා මුදල් උපයන බව රූපලාවන්‍යෙව්දියෙකු හා විවාහක රූ රැජිණ තරගයේ ශ්‍රී ලංකාවේ ජාතික අධ්යක්ෂ චන්දිමාල් ජයසිංහ මහතා පවසයි.
ඒ මහතා ඊයේ (06) පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීයෙකු නැඟු ප්‍රශ්ණයට පිළිතුරු ලබා දෙමින් කියා සිටියේ ඕනෑම අයෙකුට ඕනෑම දෙයක් පැවසිය හැකි නමුත් ඔප්පු කිරීමට සාක්ෂි අවශ්‍ය බවයි.
එසේම ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තරඟයේදී පවා සිදු වුයේ එවැන්නක් බව ඔහු අනාවරණ කළේය. කෙසේ වෙතත් ලෝක විවාහ රූ රැජිණ බවට පත්වූ කැරොලයින් ජූරි මහත්මිය විනිසුරු මණ්ඩලයේ එක් සාමාජිකාවක වුවද ඇයට කිසිදු අයිතියක් හෝ වගකීමක් නෑ එවැනි දේ සිදු කිරීමට බව ජයසිංහ මහතා එහිදී පැවසුවේය.