• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මම සෙරෙප්පු දමාගෙන ගිහින් ආණ්ඩුව භාරගත්තා – ජනපති

5 June 2024
in දේශීය, පුවත්
මම සෙරෙප්පු දමාගෙන ගිහින් ආණ්ඩුව භාරගත්තා – ජනපති

අනෙක් නායකයන් ධාවන සපත්තු සොයන විට තමන් පාවහන් දමාගෙන ගොස් ආණ්ඩුව භාරගත් බවත් දේශපාලනය අනුව නොව හැකියාව සහ විශ්වාසය මත කටයුතු කිරීම නිසා පසුගිය දෙවසර තුළ මෙරට ආර්ථිකය ඉදිරියට ගෙන ඒමට හැකි වු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

මෙම අවස්ථාවේ ද සියලුදෙනාගේ වගකීම වන්නේ දේශපාලනය පසෙක තබා රටේ ආර්ථිකය ගොඩනැඟීමේ වැඩපිළිවෙළට සහාය වීම බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ රුවන්වැල්ල නිවසේදී ඊයේ (04) දහවල් පැවති ජන හමුවකට එක්වෙමිනි.

රට තුළ සිදු වූ ආර්ථික කඩා වැටීමත් සමඟ, මෙරට දේශපාලනය ද කඩා වැටුණු බව සිහිපත් කළ ජනාධිපතිවරයා ඒ අනුව පළමු වතාවට දේශපාලනය නොමැති ආණ්ඩුවක් නිර්මාණය වු බව ද සඳහන් කළේය.

ජනතාවට දෛනික අවශ්‍යතා සපුරා ගැනීමට හැකි වුවද තවමත් රට ආර්ථික අර්බුදයෙන් මිදී නොමැති බව මෙහිදී පැවසු ජනාධිපතිවරයා, එබැවින් දේශපාලනයෙන් තොරව රට ගොඩනැඟීම වෙනුවෙන් සියලුදෙනා එක්විය යුතු බව ද අවධාරණය කළේය.

රුවන්වැල්ල ප්‍රදේශයේ පැවති වැඩසටහන් කිහිපයකට සහභාගී වූ ජනාධිපතිවරයා අනතුරුව මෙම ජන හමුවට එක්වූ අතර ප්‍රදේශයේ ජනතාව විශාල පිරිසක් ද ඊට එක්ව සිටියහ.

ජන හමුවට සහභාගිවීමෙන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නැවත පැමිණෙන මාර්ගය දෙපස ද විශාල ජනතාවක් රැස්ව සිටී අතර ජනාධිපතිවරයා ඔවුන් සමඟද සුහද කථා බහක නිරත විය.
මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පවුලට අයත් රුවන්වැල්ල පිහිටි මීදෙණිය වලව්ව වෙත ද පැමිණි ජනාධිපතිවරයා එහි මද වේලාවක් රැදී සිටියේය.

නැවත ගුවන් මගින් කොළඹ බලා පැමිණෙන අතරතුර කඩුවෙල, රුවන්වැල්ල, ඉංගිරිය, බුලත්සිංහල, බදුරලිය, නෙළුව, අගලවත්ත, මතුගම, බණ්ඩාරගම ප්‍රදේශවල ගංවතුර සහ ආපදා තත්ත්වය නිරීක්ෂණය කිරීමට ද ජනාධිපතිවරයා කටයුතු කළේය.

එහිදී ජනතාව ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය ” ජනතාව වෙනුවෙන් රජය මෙතරම් සහන ලබාදෙන්නේ කෙසේද කියා අද ඇතැම් අය ප්‍රශ්න කරනවා. උරුමය, අස්වැසුම මෙන්ම ජනතාවට නොමිලේ සහල් ලබාදීම වැනි වැඩසටහන් මෙම බංකොළොත් බව ප්‍රකාශ කෙරුණු ආණ්ඩුවකින් ක්‍රියාත්මක කරන්නේ කොහොමද යන ප්‍රශ්නය සියලුදෙනාට තිබෙනවා. මොකද රටේ ආර්ථිකය යහපත්ව පැවති කාලයේ මේවා ක්‍රියාත්මක කළේ නැහැ. ඒ වගේම රජයේ සේවකයන්ට රුපියල් දස දහසක වැටුප් වැඩිකිරීමක් සිදු කිරිමට අප කටයුතු කළා. 2015 වසරෙන් පසු එවැනි වැටුප් වැඩිකිරීමක් සිදු වූ දෙවන අවස්ථාව එයයි. ඒ අනුව රජයේ සේවකයන් වෙනුවෙන් මෙතරම් වැටුප් වැඩිවීමක් සිදු වූයේ මෙරට ඉතිහාසයේ දෙවතාවයි. ඒ නිසා ආණ්ඩුව ජනතාවට මෙම සහන ලබාදෙන්නේ කෙසේද යන්න සියලුදෙනාගේ විමතියට කරුණක් වී තිබෙනවා. අපි භාරගත්තේ ඉතා අසීරු තත්වයක තිබු රටක්. අනිත් නායකයන් ධාවන සපත්තු දැමු කාලයේ අපි සෙරෙප්පු දාගෙන ගිහින් ආණ්ඩුව භාරගත්තා. එසේම අපි නිසි ප්‍රතිපත්තියක් අනුව වැඩ කළා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක ප්‍රජාවගේ විශ්වාසය දිනාගත්තා. වසර දෙකක් තුළ ආර්ථිකය ගොඩනැඟීමේදී ඉතා අසීරු තීරණ ගැනීමට අපට සිදු වුණා. බදු වැඩිකිරීම පහසු දෙයක් නොවෙයි. නමුත් එසේ කළහොත් ආර්ථිකය ගොඩගත හැකි බව අපි විශ්වාස කළා. එතැන් සිට පළමු වතාවට දේශපාලනය නැති ආණ්ඩුවක් ලංකාවට තිබුණා. සෑම පක්ෂයක්ම එහි සිටියා. පක්ෂ අනුව බෙදීමක් තිබුණේ නැහැ. බෙදීම තිබුණේ හැකියාව සහ විශ්වාසය අනුව පමණයි. නැත්නම් මේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය තුළ එක ආසනයක් පමණක් තිබූ පක්ෂයකින් ජනාධිපතිවරයෙක් බිහි වන්නේ නැහැ. රට ගොඩගැනීමේ වැඩපිළිවෙළට මම එදා සියලුදෙනාගේ සහාය ඉල්ලා සිටියා. පිරිසක් අපට සහාය ලබා දුන්නේ නැහැ. නමුත් මම සියලුදෙනා එක් කර ගනිමින් ඉදිරියට ගියා. පළමු වතාවට දේශපාලනය නැති කැබිනට් මණ්ඩලයක් නිර්මාණය වුණා. අප පක්ෂ බේදයකින් තොරව රටේ ආර්ථිකය ගොඩගැනීමට කැප වුණා. අප සිටින්නේ සියලුදෙනා පටු සංකල්පවලින් තොරව එකට එක් විය යුතු කාලයකයි. අප තවම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඇවිත් නැහැ. ඉන්ධන, පොහොර ලැබුනට හොඳ අස්වැන්නක් ලැබුනට අප තවමත් ආර්ථික අර්බුදයෙන් සම්පුර්ණයෙන් නිදහස් වෙලා නැහැ. මේ වසර අවසන් වීමට පෙර බංකොළොත්භාවයෙන් ගොඩ ඒමට අපට හැකියාව තිබෙනවා. නමුත් එය ප්‍රමාණවත් නැහැ. අප රට තුළ ආර්ථික පරිවර්තනයක් සිදු කළ යුතුයි. ඒ නිසා අපේ ආර්ථික ඉලක්ක අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතා ඇතිකරගෙන තිබෙනවා. රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමට නම් අපි සැලැස්මක් අනුව කටයුතු කළයුතුයි. ඒ නිසා අපි සියලුදෙනාම මෙම අවස්ථාවේ දේශපාලනය පසෙක තබා රට දියුණු කිරීමට වැඩ කළයුතුයි. එංගලන්තය දෙවැනි ලෝක යුද්ධය කළා වගේ අප සියලුදෙනා එක්ව එම අභියෝගයට මුහුණ දිය යුතුයි. දේශපාලනය වෙනම තබාගෙන අප රට වෙනුවෙන් එකට වැඩ කරමු. පැරණි දේශපාලනයේ යෙදීමෙන් රට ඉදිරියට ගෙන යන්න බැහැ. අපි මේ රටේ තරුණයන්ට අනාගතයක් ගොඩනගා දිය යුතුයි. ඒ නිසා දේශපාලනයෙන් තොරව රට හදන්න ඉදිරියට යමු කියන ආරාධනා කරනවා ” යැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 19,593
Previous Post

ආර්ථික පරිවර්තන සහ රාජ්‍ය මූල්‍ය කලමනාකරණ පනත් කෙටුම්පතට එරෙහිව “සර්වජන බලය” එකමුතුව ශ්‍රේෂ්ඨාධිකරණයට

Next Post

නල්ලමුදාව, ආඩියාගල, නෙල්ලිකුළම, කල්‍යානිපුර හා පාලක්කුලි තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන ලෙස සංවර්ධනයට

editor ttvnews

editor ttvnews

Next Post
සෑම දිස්ත්‍රික්කයකටම තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන 06ක් බැගින් ගම්මාන 160ක් – කෘෂිකර්ම අමාත්‍යංශය

නල්ලමුදාව, ආඩියාගල, නෙල්ලිකුළම, කල්‍යානිපුර හා පාලක්කුලි තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන ලෙස සංවර්ධනයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved