• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඇමතිකම් වලට පොරකන ආණ්ඩුවකට යන්නේ නෑ – හර්ෂ ද සිල්වා

12 August 2022
in දේශීය

ඇමතිකම් වලට පොරකන ආණ්ඩුවකට තමා යන්නෙ නැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

මන්ත්‍රීවරයා අද (12) පාර්ලිමේන්තුවේ පැවැති විවාදයට එක්වෙමින් පවසා සිටියේ ආර්ථිකය හදන වැඩපිළිවෙළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල බවත් ඒකට සියළු දේශපාලන නායකයින් අවංකවම කැපවෙන්න ලෙසයි.

මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා දැක් වු අදහස් මෙසේය ” රටේ ආර්ථිකය ගොඩනගන දෙස් විදෙස් විශ්වාසය දිනාගත හැකි ආර්ථික වැඩපිළිවෙළක් මා අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. එය මා සකස් කළේ මාස ගණනාවක් පුරා විද්වතුන්, විශේෂඥයින්, වෘත්තිකයින්, දේශපාලකයින් සහ සාමාන්‍ය ජනතාව සමග සාකච්ඡා කිරීමෙන් පසුවයි. ඒ සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂවල අනුමැතියත් ලැබී තිබෙනවා. මෙය කෙටිකාලීන වැඩපිළිවෙළක්. ඒ තුළින් රටේ ආර්ථිකය නිවැරදි මාවතට ගෙන පසුව දේශපාලන පක්ෂ ලෙස අපිට මැතිවරණයකට යා හැකියි. මා යෝජනා කරන සර්ව පාක්ෂික ආණ්ඩුවකට මේ වැඩපිළිවෙළ අනුගමනය කළ හැකියි. ඒ සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියළුම දේශපාලන නායකයින්ට අවංකව සහයෝගය ලබාදෙන ලෙස මා ඉල්ලා සිටිනවා. එවැනි සහයෝගයක් ලබාදෙන්නේ නම් අපිට දෙස් විදෙස් විශ්වාසය දිනාගනිමින් මේ අභියෝග ජයගැනීමට හොඳ පදනමක් හදන්න පුලුවන්. එහෙම නැතිව ඇමතිකමක් ගන්න ආණ්ඩුවට යන්න මට අවශ්‍ය නෑ. මම එහෙම කරන්නෙ නැත්තේ ඒකෙන් මේ ආර්ථික අර්බුදය විසඳන්න බැරි නිසා. මේ අවස්ථාවේ රට වෙනුවෙන් මේ ආර්ථික වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට එක්වන ලෙස මා පාර්ලිමේන්තුවේ සියළුම දේශපාලන නායකයින්ගෙන් ඉල්ලා සිටිනවා.

Post Views: 14
Previous Post

දළදා පෙරහර නැරඹීමට ජනපති එක් වෙයි

Next Post

පාකිස්තානු නාවික හමුදාවට අයත් ‘PNS TAIMUR’ නෞකාව කොළඹ වරායට

editor

editor

Next Post

පාකිස්තානු නාවික හමුදාවට අයත් ‘PNS TAIMUR’ නෞකාව කොළඹ වරායට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved