27 April 2024
#දේශීය

දළදා පෙරහර නැරඹීමට ජනපති එක් වෙයි

මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ අවසන් රන්දෝලි පෙරහර ඊයේ (11) රාත්‍රියේ වීථි සංචාරය කෙරුණු අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙරහර නැරඹීමට එක් විය. ‍

මෙම අවස්ථාවට අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි හා ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාර සරත් ඒකනායක යන මහත්වරු එක්ව සිටියහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *