• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගාල්ල ක්‍රීඩාංගණය නැති කරන්න දෙන්නේ නෑ

19 July 2018
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ලෝක උරුමයද ආරක්ෂා කරගනිමින් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදිරියටත් පවත්වාගෙන යාම සඳහා සුදුසු වැඩපිළිවෙලක් සැකසීම ක්‍රීඩා අමාත්‍යරවයාගේ සහ ක්‍රිකට් පාලක මණ්ඩලයේ වගකීම බව හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

ක්‍රිකට් පරිපාලනයේ සහ පසුගිය ආණ්ඩුවේ දුර්වලතා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ වත්මන් අර්බුදයට හේතු වී ඇති බව අමාත්‍යවරයා කියා සිටියේය.

අමාත්‍යවරයා අද (19) අමාත්‍යාංශයේදී මාධ්‍යවේදීන් හමු වු අවස්ථාවේදී අදහස් දක්වමින් කියා සිටියේ අනවසර ඉඳිකිරීමකට මහින්ද රාජපක්ෂ යන නම යෙදීමට යාමෙන් මෙම අර්බුදය ඇති වූ බවයි.

එහිදී අමාත්‍යවරයා දැක් වු අදහස් පහත පරිදි වේ “ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ගැන ප්‍රශ්න ඇති වුණේ අද ඊයේක නෙමෙයි. මම ක්‍රිකට් සභාපති ලෙස සිටින කාලයේදීත් මෙවැනි ප්‍රශ්නයක් පැමිණියා. විශේෂයෙන්ම ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දිවා රාත්‍රි එක්දින තරග පැවැත්වීමේ අපේක්ෂාවෙන් විදුලි ආලෝක පද්ධතියක් ස්ථාපිත කිරීමේදී ලෝක උරුමයෙන් ගාලු නගරය ඉවත් කිරීමේ අවධානමක් මතු වුණා. ඒ අනුව අපි එය නතර කළා. හොඳට මතක තියා ගන්න. මේ ක්‍රීඩාංගණය ශ්‍රී ලංකාවට ඉතා වැදගත්. ශ්‍රී ලංකා කණ්ඩායම පහසුවෙන්ම ටෙස්ට් තරග ජයග්‍රහණය කරන්නේ මේ ක්‍රීඩාංගණයේදී. අපේ කාලේත් එහෙමයි. අද දකුණු අප්‍රිකා කණ්ඩායම එරෙහිවත් ශ්‍රී ලංකා කණ්ඩායම විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගත්තේ මේ ක්‍රීඩාංගණයේදී. ඒනිසා අපි ගාල්ල ක්‍රීඩාංගණය ආරක්ෂා කර ගැනීමට මේ ප්‍රශ්නය දෙස වඩාත් විවෘත මනසකින් බැලීම කළ යුතු වනවා.

මම දන්න විදියට ගාල්ල ක්‍රීඩාංගණයේ අද දකින ප්‍රශ්නය ප්‍රශ්නයට මූලික හේතුව ඇති වුණේ පසුගිය ආණ්ඩු සමයේදී. ඒ කාලේ ලෝක උරුමයක් ලෙස ආරක්ෂා වීමට එහි අලුතින් ගොඩනැගිලි සෑදීම නොකළ යුතු බවට තීරණයක් තිබුණා. නමුත් මොකද වුණේ. පසුගිය ආණ්ඩු සමයේදී මෙතැන අනවසර ගොඩනැගිල්ලක් හැදුවා. විශාල බිල්ඩිමක් හැදුවා. ඒක කඩන්න කිව්වම මහින්ද රාජපක්ෂ පෙවිලියන් කියලා ගොඩනැගිල්ල නම් කළා. ඊට පස්සේ කැඩුණේ නැහැ. මේ රටේ අනවශ්‍ය ඉදිකිරීමක් හදලා කඩන්න හදනකොට අර නම තියෙන නිසා කැඩුවේ නැහැ. මෙන්න මෙතන තමයි වැරැද්ද.

මම නම් කියන්නේ ප්‍රශ්නයට හේතුව අනවසර ඉදිකිරීමක් නම් සාකච්ඡා මාර්ගයෙන් එකඟතාවයකට පත්ව මේ ගොඩනැගිල්ල ඉවත් කළොත් ගාල්ල ක්‍රීඩාංගණය දිගටම තියාගන්න පුළුවන් වෙයි. ඕනනම් ගාල්ල ක්‍රීඩාංගණයේ වසරකට ටෙස්ට් තරග දෙක තුනක් ක්‍රීඩා කරයි. මේ තරග ක්‍රීඩා කරන්න අපිට ලොකු ස්ථීර ක්‍රීඩාගාර අවශ්‍ය නැහැ. අපිට ස්ථීර නොවන ඉඳිකිරීම් සමඟ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය ඉදිරියට ගෙනියන්න පුළුවන්. එවැනි විසදුමකට නොයෙන්නේ වෙනත් බලවේග නිසාද කියලත් මම දන්නේ නැහැ. සාමාන්‍යයෙන් එවැනි බලවේග තියෙන්න පුළුවන්නේ. අපේ දඟ පන්දු යවන්නන්ට හොඳම ක්‍රීඩාංගනණ මේ ගාල්ල ක්‍රීඩාංගණය. ගාල්ල සහ මොරටුව ක්‍රීඩාංගණය තමයි අපිට තරග දිනන්න තියෙන හොඳම ක්‍රීඩාංගණය. ඒ අතරේ ගාල්ල ක්‍රීඩාංගණය විනාශ කරලා ක්‍රිකට් නැති කරන්න වෙනම බලවේගයක් තියොනවද කියලා මම දන්නේ නැහැ. මේ සියල්ල තේරුම් ගෙන ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය ආරක්ෂා කරගන්න ක්‍රමවේදයක් සැකසීමට අද පරිපාලනය කරන කිසිම කෙනෙක්ට මොලයක් නෑ කියන එක තමයි මට අවසාන වශයෙන් කියන්න තියෙන්නේ…..”යිද අමාත්‍ය අර්ජුන රණතුංග වැඩිදුරටත් පැවසීය.

 

 

 

Post Views: 1
Previous Post

කොලේ වහලා ගහන්නේ නෑ

Next Post

ජනතාව ගොනාට ඇන්දවීම පිළිකුළෙන් හෙළා දකිනවා

editor

editor

Next Post

ජනතාව ගොනාට ඇන්දවීම පිළිකුළෙන් හෙළා දකිනවා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

5 June 2025
ව්‍යවසායකයින් වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යාංශය කරන්න යන දේ

ව්‍යවසායකයින් වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යාංශය කරන්න යන දේ

5 June 2025
බස් රථ වලටත්  AI

බස් රථ වලටත්  AI

5 June 2025

Recent News

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

5 June 2025
ව්‍යවසායකයින් වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යාංශය කරන්න යන දේ

ව්‍යවසායකයින් වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යාංශය කරන්න යන දේ

5 June 2025
බස් රථ වලටත්  AI

බස් රථ වලටත්  AI

5 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

5 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved