• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රජයේ සේවකයින්ගේ පඩි වැඩි කරන්නම් රජයේ ආදායම වැඩි කරන්න ඕන – ඇමැති බන්දුල

21 July 2021
in දේශීය

රාජ්‍ය බදු ආදායමින් සියයට 86ක් රාජ්‍ය සේවක හා විශ්‍රාම වැටුප් ගෙවීමට වැය කරන බවත් රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමට නම් මහජනතාව මත පනවන බදු ප්‍රමාණය වැඩි කිරීම, රාජ්‍ය දේපළ විකිණිම හෝ ණය ගැනීම කළ යුතු බවත් වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ “ජීවන වියදම, ආර්ථිකය සහ අපනයන ප්‍රවර්ධනය” සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද (21) සංවිධාන කර තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

2020 වර්ෂයේ රජයට ලැබුණු බදු ආදායම වූ රුපියල් බිලියන 1216 න් රුපියල් බිලියන 1052ක් විශ්‍රාමික සහ රාජ්‍ය සේවක වැටුප් ගෙවීම සඳහා වැය කර ඇති අතර රාජ්‍ය සේවක වැටුප් ගෙවීමෙන් පසු රජයේ බදු අදායමින් ඉතිරිවන්නේ රුපියල් බිලියන 164ක් බව ද අමාත්‍යවරයා පැවසිය.

එසේම ගුරුවරුන්ගේ වැටුප් වැඩි කළ යුත්තේ ගුරු සේවය ආවෘත සේවාවක් බවට පත්කර වැටුප් පිළිබඳ කොමිසමක් පිහිටුවා පුළුල් සංවාදයක් තුළින් බව ද අමාත්‍යවරයා කියා සිටියේය.

ලෝකයේ ධනවත්, දුප්පත් සහ මැදි ආදායම් ලබන සියලුම රටවල් වත්මන් වසංගතයෙන් පීඩාවට ලක්වී ඇති බවත් ලංකාව වැනි කුඩා ආර්ථිකයක් සියලුම රටවලට මෙය පොදු කරුණක් බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ලෝකයේ පුරා පැතිරීගිය වසංගතය හේතුවෙන් මිලියන 4කට වැඩි පිරිසක් මියගොස් ඇති අතර ගුවන් තොටුපල, නැව් තොටුපල වසා දමා ඇති පසුබිමක ලෝකයේ ම සැපයුම් ක්‍රියාවලිය අඩපනවී නිෂ්පාදනය, පරිභෝජනය සම්පූර්ණයෙන්ම කඩාවැටී ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ වසංගතය නිසා බඩගින්න, මන්ද පෝෂණය වැඩිවි ලෝකයම පුරාම දුප්පත්කම ඉහළගොස් ඇති මෙවන් අවස්ථක ශ්‍රී ලංකාවට පමණක් නොව ලෝකයේ සෑම රටකටම රාජ්‍ය මූල්‍ය කළමණාකරණය දුෂ්කර අභියෝගයක්ව ඇතැයි ඇමතිවරයා කීය.

රාජ්‍ය මූල්‍ය පිළිබඳ අර්බුදය, විදේශ විනිමය අර්බුදය, ආර්ථිකය කඩා වැටීම යන ප්‍රධාන අර්බුද තුනට ලංකාව පමණක් නොව ලෝකයේ සෑම රටක්ම මුහුණ දෙනවා යැයි ද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේය.

 

Post Views: 17
Previous Post

TTV මාධ්‍ය නව පෙරළියකට ALCAP සමඟ ගිවිසුම් ගතවෙයි

Next Post

ජනතාව අපහසුතාවයට පත් නොකල යුතුයි – මුදල් ඇමැති බැසිල්

editor

editor

Next Post

ජනතාව අපහසුතාවයට පත් නොකල යුතුයි - මුදල් ඇමැති බැසිල්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved