පොලිසිය සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස හඳුන්වන පුද්ගලයෙකු සඳහා අවිධිමත් විදේශ ගමන් බලපත්රයක් සකස් කිරීමට ආධාර අනුබල දුන් බවට සැකපිට ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ සහකාර පාලකවරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් සැකකරු සැප්තැම්බර් 17 උදෑසන ආගමන හා විගමන දෙපාර්තමේන්තු පරිශ්රයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි. අත්අඩංගුවට ගත් සැකකරු 42 හැවිරිදි ගම්පහ ප්රදේශයේ පදිංචිකරුවෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංශය වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතී.














