• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විසා මංකොල්ලය නැවැත්වීමට නීතිය වහා ක්‍රියාත්මක කරන්න – මන්ත්‍රී පාඨලී චම්පික රණවක

22 May 2024
in දේශීය, පුවත්
ජනතා හැගීම් අවුස්සන්න කුරුන්දි ප්‍රශ්නය පිටින් දාල ඒවා වහන්න බෑ – මන්ත්‍රී පාඨලී
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ඖෂධ ජාවාරම සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූවා සේ ම, වීසා මංකොල්ලය නැවැත්වීම සඳහා නීතිය වහා ක්‍රියාත්මක විය යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අද (22) පාර්ලිමේන්තුව අදහස් පල කරමිනි.

එහිදී මන්ත්‍රීවරයා මෙසේ අදහස් පල කලේය “2012 දී යුද්ධයෙන් පස්සේ මේ පිළිබඳව වැදගත් අධ්‍යයනයක් කරපු පිරිසක්. එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට මේ යෝජනාව ගෙනාවට පස්සේ තමයි රජයට අයිති බහුතර කොටස් තියෙන මොබිටෙල් සමාගමෙන් මේ කටයුත්ත කළේ. හැබැයි ඒ මොබිටෙල් සමාගම කිව්වා අවුරුදු පහකට, හයකට පස්සේ මේක නැවතත් යාවත්කාලීන කරන්න ඕනෙයි කියලා. ඒ අනුව 2018 ඉඳන් යෝජනා ඇවිල්ලා තියෙනවා. පසුව කොවිඩ් වසංගතය ආවට පස්සේ ආරක්ෂක ප්‍රශ්නයකට අමතරව සෞඛ්‍ය ප්‍රශ්නයකුත් මතු වූ නිසා මේ යාවත්කාලීන කිරීමේ වැඩපිළිවෙල මොබිටෙල් ආයතනයට ලබා දුන්නා. ඒ මොබිටෙල් ආයතනය ඒ පිළිබඳ විධිමත් අධ්‍යයනයක් කරලා ඒ විධිමත් යෝජනාව භාර දීලා තිබියදීත් ඒක නොතකා හරිමින් තමයි මේ නව යෝජනාවක් ගෙනල්ලා තියෙන්නේ මහජන ආරක්ෂාව භාර ඇමතිවරයා 2023 සැප්තැම්බර් මාසෙදි. ඒ වගේම මේ යෝජනා සමීක්ෂණයට පත් කරපු නිලධාරී කණ්ඩායම, විශේෂඥ කණ්ඩායම බොහොම පැහැදිලිව තමන්ගේ වාර්තාවේ මොබිටෙල් ආයතනයේ යෝජනාව මේ අදාළ රජයේ ක්‍රියාදාමයට බොහොම එකඟයි, ඒකත් සුදුසු යෝජනාවක් බව පිළිඅරගෙන තියෙනවා. මේ යෝජනාව රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියට, ඒ වගේම IMF එක්ක ඇතිකරගත් ගිවිසුමට අදාළ යහපාලන මූලධර්ම වලට සම්පූර්ණයෙන්ම පටහැනියි. ඒ වගේම වීසා අවශ්‍යතාව පිළිබඳව ගත්තොත් ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. දැන් අදත් මතුවෙලා තියෙනවා අයිඑස්අයිඑස් තර්ජනය. සෞඛ්‍ය පිළිබඳ ප්‍රශ්නයක් මතුවෙලා තියෙනවා. අපි දැක්කා කෝවිඩ් කාලෙදි, සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනයටයි කියලා, තක්කඩි විසින් මේ රටට ගෙනාපු සංචාරකයන් හේතුවෙන්, දස දහස් ගාණක් මේ රටේ මිනිස්සු මියගිය හැටි. ඒ වගේම, දත්ත, මේ සියල්ල රජය සතු වෙන්න ඕනේ, ඒ අදාළ සංචාරකයින් රටට ආවට පස්සෙ කොහෙද කොතනද ඉන්නේ, මොනවද කරන්නේ, ඔවුන්ගේ දත්ත මොනවද කියන එක.

ප්‍රධාන ම කාරණය, මෙතෙක් කාලයක් අපේ රටේ ඒ Immigration දෙපාර්තමේන්තුව කරගෙන ගිය වැඩසටහනක් මේ දත්ත සපයා ගැනීමේ වැඩසටහන, විදේශීය සමාගමකට පවරා දීම. දැන් කියනවා මේ වී. එෆ්. එස්. එක කියන්නේ හැමෝගෙම කරනවා කියලා. නමුත් වෙනත් රටවල දේවල් ඒ තානාපති කාර් යාල හරහා කරනවා මිසක් වී. එෆ්. එස්. එස්. එක කොහෙවත් කරන්නේ නෑ. දෙක මේ එතන ඉන්නේ වී. එෆ්. එස්. එක නෙමෙයි ප්‍රධාන ගිවිසුම අත්සන් කරලා තියෙන්නෙ අයි වි එස් ජීපීඑස් කියන සමාගමත් එක්ක. ඒක නිසා මේ සභාවත්, මේ රටත් බොහෝ දුරට නොමඟ යවලා තියෙනවා, මේ කියන කාරණය මත. ඒ වගේම, මේ වීසා ගාස්තු, අද ගත්තහම මේ වීසා ගාස්තු, මම අදත් බැලුවා. මේ මෑතදී ආපු අයගේ වීසා ගාස්තුව, ඩොලර් හැත්ත පහයි. සේවා ගාස්තුව අදාළ ආයතනය ඩොලර් දහ අටයි ශත පනහයි. ඒ වගේම පහසුකම් ගාස්තුවක් ඩොලර් හතයි සත විසි හතයි. එකතුව ඩොලර් සීයයි සත හැත්ත හතයි. මේ ඩොලර් පනහට තිබිච්ච වීසා එක. දැන් මේක අපි සංසන්දනය කරන්න ඕනේ ලංකාවෙන් ස්විස්ටර්ලන්තයට යනවද, ලංකාවේ එංගලන්තෙට යන අයත් එක්ක නෙවෙයි. අපිත් එක්ක සංචාරක ව්‍යාපාරයේ තරඟ කරන මාලදිවයිනට, තායිලන්තයට, ඉන්දියාවට.

එහෙම බැලුවහම මේක සම්පූර්ණයෙන්ම සංචාරක ව්‍යාපාරය අධෛර්යමත් කරනවා විතරක් නෙවෙයි, පැහැදිලි දූෂණයක් මෙතන තියෙනවා. මේ ඩොලර් හැත්ත පහ වීසා ගාස්තුව නම් ඒක එකට ගියාවේ. නමුත් මේ ඩොලර් දහ අටයි ශත පනහයි, ඩොලර් හතයි සත විසි හතයි පිළිබඳව නිශ්චිත උත්තරයක් නිලධාරීන්ට ලබා දෙන්න බැරි වුණා. කාරක සභාවේ දී. ඒ විතරක් නෙමෙයි දෙවෙනි දවසේ අත්තනෝමතික විදිහට ඒකට පැමිණියෙත් නෑ. උත්තර නැති නිසා. ඒක නිසා ඉතාම පැහැදිලිව අපි ප්‍රකාශ කරන්න ඕනේ මේ රටේ දූෂණය ගැන, දූෂිත වළලු ගැන කතා පවත්වනවා. හැබැයි මේ අති දැවැන්ත මේ රටට එන මිලියන දෙකහමාරකට ආසන්න සංචාරකයින්ගේ එක්කෙනෙක්ගෙන් ඩොලර් විසිහය ගානේ කොල්ලකන මේ දූෂණය ගැන, මේ දූෂිත වළලු ගැන කතා කරන අය අද නිහඬයි. ඒ වගේම ඉන්දියානුවෙකුට ලංකාවේ කැස්සක් ගියත් ඔන්න ඉන්දියාවේ එනවා කියලා උඩ පැනගෙන කෑ ගහන අය, මේ තනි ඉන්දියානු සමාගමකට රටේ ජාතික ආරක්ෂාවට අදාළ මේ දත්ත තොරතුරු භාරදීම ගැන අද නිහඬයි. ඒ නිසා මේක යට තියෙන්නේ මොකක්වත් නෙමෙයි. මං එදත් කිව්වා වගේ, ලංකාව තුළ අද දේශපාලන පාතාලයක් ක්‍රියාත්මකයි. ඒ දේශපාලන පාතාලය විසින් අද ආණ්ඩුව හසුරවනවා මේවට විරුද්ධව කතා කරන මිනිස්සුන්ව, අද රජයේ මර්දන යාන්ත්‍රණයට ගොනු කරනවා. අද රහස් පොලීසිය කියන්නේ, ඇත්ත වශයෙන්ම දේශපාලනමය වශයෙන්, අනික් අයව මර්දනය කරන්න, අපහසුතාවයට පත් අපකීර්තියට පත් කරන්න යන තැනක් මිසක් මේ රටේ අපරාධ විමර්ශනයට යොමු වෙන තැනක් නොවන බව අපිට අද පැහැදිලියි. ඒ නිසා මේ ඊළඟ මැතිවරණ වලදී ඉතා බොහොම කෙටි කාලයයි තියෙන්නේ. රජයේ නිලධාරීන්ට විශේෂයෙන් පොලිස් නිලධාරීන්ට, රහස් පොලිසියේ නිලධාරීන්ට අපි මතක් කරනවා අවනීතිය ක්‍රියාත්මක කරලා සමාජයෙත්, රටෙත් අපකීර්තියට පත්වෙන්න එපා. විශේෂයෙන්ම මේ දූෂණය, වංචාව පිළිබඳ අරගලය ඉදිරියට ගෙන යා යුතුයි. අහවලා ගේනකොට කතා නොකර ඉන්නත්, අහවල්ලු කරනකොට කතා කරන්නත් නෙවෙයි. මේ රට තුළ ක්‍රියාත්මක වෙන මේ දූෂිත ජාලය වැලැක්වීම සඳහා වෙන විධිමත් වැඩපිළිවෙළක් එක්ක රට ඉදිරියට ගෙන යන්න වැඩසටහනක් රටට අද අවශ්‍ය කරලා තියෙනවා. මේ වීසා ගනුදෙනුවෙන් ඔප්පු කරලා තියෙන්නෙත් පෙන්නලා තියෙන්නෙත් ඒකයි. මේ වීසා මංකොල්ලය වහාම රජය නතර කළ යුතුයි. නතර කරනවා විතරක් නෙවෙයි. මේ සඳහා පියවර ගත්ත නිලධාරීන්, දේශපාලඥයින් ඇතුළු සියළුදෙනාට ඖෂධ ජාවාරමේ සිදුවූවා මෙන්ම, නීතිය ක්‍රියාත්මක කිරීමට ඉදිරියට ආ යුතු යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 19,880
Previous Post

රනිල් තව අවුරුදු 12 ක් බලයේ ඉන්න ඕන .. ගාල්ලේ දන්සල්වලට මන්ත්‍රී වජිර සහල් බෙදයි

Next Post

වෙසක් උත්සවය වෙනුවෙන් දිවයින පුරා ත්‍රීරෝද රථ දහසකට බෞද්ධ කොඩි සවි කෙරේ

editor ttvnews

editor ttvnews

Next Post
වෙසක් උත්සවය වෙනුවෙන් දිවයින පුරා ත්‍රීරෝද රථ දහසකට බෞද්ධ කොඩි සවි කෙරේ

වෙසක් උත්සවය වෙනුවෙන් දිවයින පුරා ත්‍රීරෝද රථ දහසකට බෞද්ධ කොඩි සවි කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved