• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වී අපනයන වෙළඳපොළ ජය ගත හැකි විදිහට නිෂ්පාදන කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතුයි- ජනපති

7 June 2024
in දේශීය, පුවත්
වී අපනයන වෙළඳපොළ ජය ගත හැකි විදිහට නිෂ්පාදන කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතුයි- ජනපති
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

වී නිෂ්පාදනය ප්‍රමුඛ කර ගනිමින් තරගකාරී අපනයන වෙළඳපොල ජය ගත හැකි නිෂ්පාදන කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු බවත් 2030 වන විට නවීන තාක්ෂණය භාවිතා කරමින් තරගකාරී කෘෂිකර්මාන්තය කරා ගමන් කළ යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

එසේ නොවුනහොත් අනාගතය ජයගත නොහැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා අපනයන වෙළඳපොල තුළ තරගකාරීත්වයට මුහුණ දිය නොහැකි නිෂ්පාදන අත්හැරීම වඩාත් සුදුසු බවද පෙන්වා දුන්නේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ ජනාධිපති කාර්යාලයේදී ඊයේ (06) පස්වරුවේ පැවති කෘෂිකර්ම නවීකරණ වැඩසටහනේ ප්‍රගති සමාලෝචන රැස්වීමේදීය.

රට පුරා තෝරා ගත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 26ක ක්‍රියාත්මක කෘෂිකර්ම නවීකරණ වැඩසටහන යටතේ එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකට රුපියල් මිලියන 25 බැගින් වෙන් කර ඇති අතර, එම නියමු ව්‍යාපෘතියේ වත්මන් ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් ද මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඉදිරිපත් කෙ‍රිණි.

කෘෂිකර්ම හා ධීවර යන අමාත්‍යාංශ යටතේ ක්‍රියාත්මක වැඩසටහන්, තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන පිහිටුවීමේ වැඩසටහන් සහ කෘෂි නවීකරණ වැඩසටහන සඳහා පෞද්ගලික අංශයේ සහභාගීත්වය ආදී කරුණු මෙම වාර්තාවට ඇතුළත් වේ.

නවීන තාක්ෂණය භාවිතයෙන් අපනයන වෙළඳපොළ සඳහා තරගකාරීව භාණ්ඩ සැපයීමත් ඒ තුළින් අපනයන වෙළඳපොල ජයගැනීමත්, විදේශ විනිමය හා ගොවි ආර්ථිකය ඉහළ නැංවීම මෙම ව්‍යාපෘතියේ අපේක්ෂිත ඉලක්කය වේ.

මෙම ඉලක්ක ජය ගැනීම සඳහා රිලවුන් සහ වන අලින්ගෙන් වගාවන්ට සිදුවන හානි හා පසු අස්වනු හානි අවම කර ගැනීමට සුදුසු ක්‍රමවේදයක් සකස් කිරීම පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්විය.

අනාගත අපනයන වෙළඳපොළ සඳහා තරගකාරීව මුහුණදීමේදී නවීන තාක්ෂණය අත්‍යාවශ්‍ය බව මෙන්ම වගාබිම් සඳහා අවශ්‍ය යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා රජයේ මැදිහත්වීමේ අවශ්‍යතාවය මෙම සාකච්ඡාවට එක් වූ පෞද්ගලික අංශයේ නියෝජිතයින් පෙන්වා දුන්නේය.

ශ්‍රී ලාංකීය අනන්‍යතාවයකින් යුත් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළඳපොළ වෙත අපනයනය කිරීම සඳහා පවතින බාධක ඉවත්කර ගැනීම සඳහා මැදිහත් වන ලෙසද ඔවුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටියේය.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක , ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක ආචාර්ය ආර්.එස්.එච්. සමරතුංග, කෘෂිකර්ම හා වැවිලිකර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් බී.එල්. ඒ. ජේ. ධර්මකීර්ති, වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් සමන් දර්ශන පාඬිකෝරාල , ධීවර අමාත්‍යාංශයේ ලේකම් කේ. එන්. කුමාරි සෝමරත්න යන මහත්ම මහත්මීන් ඇතුලු රේඛීය ආයතන නිලධාරීන් හා වානිජමය ලෙස කෘෂිකර්මාන්තයේ නියැලෙන පෞද්ගලික අංශයේ නියෝජිතයින් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

Post Views: 9,000
Previous Post

ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මතයි

Next Post

මාතලේ සහ කොළඹ කෘත්‍රිම හොකීපිටි ජූලි මස 15ට පෙර විවෘත කරනවා – රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක

editor ttvnews

editor ttvnews

Next Post
මාතලේ සහ කොළඹ කෘත්‍රිම හොකීපිටි ජූලි මස 15ට පෙර විවෘත කරනවා – රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක

මාතලේ සහ කොළඹ කෘත්‍රිම හොකීපිටි ජූලි මස 15ට පෙර විවෘත කරනවා - රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දුර බැහැර ප්‍රදේශවල සේවය කරන විශේෂඥ වෛද්‍යවරුන් සඳහා ප්‍රවාහන පහසුකම් ඉල්ලා GMOA වෙතින් රජයට බලපෑම්

දුර බැහැර ප්‍රදේශවල සේවය කරන විශේෂඥ වෛද්‍යවරුන් සඳහා ප්‍රවාහන පහසුකම් ඉල්ලා GMOA වෙතින් රජයට බලපෑම්

15 September 2026
වන විනාශය හෝ පරිසර හානියක් ගැන දැනුම්දීමට 1995ට කතා කරන්න

වන විනාශය හෝ පරිසර හානියක් ගැන දැනුම්දීමට 1995ට කතා කරන්න

15 September 2026
ඉන්ධන මිල සංශෝධනයක් ගැන මෙතෙක් කිසිදු යෝජනාවක් නැහැ

ඉන්ධන මිල සංශෝධනයක් ගැන මෙතෙක් කිසිදු යෝජනාවක් නැහැ

15 September 2026
ඩයස්පෝරා අරමුදල් ලැබුණු බවට  පළ වන චෝදනා රජය තරයේ ප්‍රතික්ෂේප කරයි

ඩයස්පෝරා අරමුදල් ලැබුණු බවට පළ වන චෝදනා රජය තරයේ ප්‍රතික්ෂේප කරයි

15 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වැට් බදු ආරවුලක් සම්බන්ධයෙන් යුනිලිවර් සමාගම ගොනු කළ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කෙරේ

කරුණා පිල්ලෙයාන් දමනය කළා වගේ නාමල් අර්චුනා දමනය කළා

15 September 2026
වැට් බදු ආරවුලක් සම්බන්ධයෙන් යුනිලිවර් සමාගම ගොනු කළ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කෙරේ

වැට් බදු ආරවුලක් සම්බන්ධයෙන් යුනිලිවර් සමාගම ගොනු කළ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කෙරේ

15 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved