කොවිඩ් අවධානම යළි ඉහළ යමින් පවතින බැවින් කඩිනමින් එන්නත්කරණය සඳහා යොමු වන ලෙස ජනාධිපති, රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ජනතා ගැටලු විසඳීමේ ප්රමුඛ අරමුණ පාදක කරගනිමින් වර්තමාන ජනාධිපතිවරයා විසින් සර්වපාක්ෂික රජයක් බිහි කිරීමට අපේක්ෂා කරන අතර එම සංකල්පය සාර්ථක කර ගැනීමට සියලු වාද භේද ඉවතලා සහය ලබාදීම දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන ඇතුලු සියලුදෙනාගේ ප්රමුඛ වගකීමක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පවසයි.
වෘත්තීය සමිති ක්‍රියාකාරිකයෙකු වූ සමන් රත්නප්‍රිය මහතා, ජනාධිපති වෘත්තීය සමිති අධ්යක්ෂ ජනරාල් ලෙස පත් කර ඇති බව ජනාධීපති මාධ්‍ය අංශය පවසයි.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව එහි ජනතාවගේ සමෘද්ධිය සහ යහපැවැත්ම සහතික කරමින් ඉක්මන් ආර්ථික ප්‍රකෘතියක් අත්කර ගනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් පැවසිය.
දිවයිනට බලපා ඇති අයහපත් කාළගුණික තත්වය හමුවේ ඇදහැලෙන අධික වැසි හේතුවෙන් ගංඟා පිටාර මට්ටමට පැමිණීමෙන් ඇතිවිය හැකි ගංවතුර අවධානම හමුවේ පීඩාවට පත්වන ජනතාවට සහන සැලසීම සඳහා අද (02) උදෑසන සිට නාවික හමුදා සහන කණ්ඩායම් 48 ක් සූදානමින් තබා ඇත.
බැංකු පද්ධතිය හරහා මෙරටට විදෙස් ප්‍රේෂණ යොමු කළ ඕනෑ ම ලාංකිකයකුට ගුවන් තොටුපළේ දී තීරු බදු සහනය ඉහළ දැමීමටත්, ඉලෙට්‍රික් වාහනයක් ආනයනයට අවසර දෙන බවත්, කම්කරු හා විදෙස් රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි.