ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින ද්වීපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින්, ශ්‍රී ලංකාවේ අවදානමට ලක්වූ පවුල් 10,000ක් වෙනුවෙන් ඉන්දීය රජයේ මූල්‍ය හා තාක්ෂණික දායකත්වයෙන් ක්‍රියාත්මක වන නිවාස ව්‍යාපෘතියේ සිව්වැනි අදියර යටතේ බදුල්ල දිස්ත්‍රික්කයේ කන්නාවේරල්ල වතුයායේ නව නිවාස 57ක් ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීම පසුගියදා සිදු කෙරිණි.
වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න සහ හම්බන්තොට ඉන්දීය කොන්සල් ජනරාල් හර්වින්දර් සිං යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පවත්වන ලදී. ශ්‍රී ලංකාව පුරා ඉන්දීය ආධාර මත ක්‍රියාත්මක වන සමස්ත නිවාස ව්‍යාපෘතිය යටතේ නිවාස 60,000කට ආසන්න ප්‍රමාණයක් ඉදිකිරීමට නියමිත අතර, ඒ සඳහා ඉන්දීය රුපියල් බිලියන 18කට අධික ප්‍රතිපාදන වෙන් කර ඇත. මීට අමතරව, වතුකරයේ ජනතාවගේ සෞඛ්‍ය, අධ්‍යාපන සහ සංස්කෘතික සංවර්ධනය වෙනුවෙන් දික්ඔය රෝහල ඉදිකිරීම, ස්මාර්ට් පන්ති කාමර පිහිටුවීම සහ වතු පාසල් 9ක් නවීකරණය කිරීම වැනි බහුවිධ ව්‍යාපෘති රැසක්ද ක්‍රියාත්මක කරමින් පවතී.














